මට සිතුන .., සිතෙන...,සිතෙන්නට ඉඩ තිබෙන ... මට හැඟෙන මට දැනෙන මගේ සිතිවිලි බෙදා හද ගන්නට...
වසරක් පසු කළෙමි..
ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.
ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.
මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.
මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.
අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ඉස්සරහට පුලුවන් තරම් ලියන්න උත්සාහ කරනවා...
මේ දවස්වල අසනීපවෙලා ඇඳේම තමයි හිටියේ. අද තමයි ටිකක් හරි නැගිටලා ඉන්නේ.
හැමෝටම ජයෙන් ජයම වේවා..!
ලොකුම ඩිජිටල් ඡායාරූපය..
අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. .
මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ.
ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ.
කැමරා කිහිපයකින් ස්වයංක්‍රීයව හරි ගොඩක් අය එකතුවෙලා හරි ගත්ත ඡායාරූප ගොඩක් එකතු කරල තමයි මේක හදන්නේ.
ගිගා පික්සල් ඡායාරූප ගැන මෙතනින් දැනගන්න.
මාතෘකාවට ආවොත් මේ තියෙන්නෙ මම කියන ඡායාරූපය. ඩුබායි නගරයේ ඡායාරූපයක්. මේක ගිගා පික්සල් 45ක් .
හොඳට zoom කරලා බලන්න ඔනෙනම්.
තව ටික කාලයක් යද්දි මීට වඩා ලොකු ඡායාරූප තියෙයි..
තව ගිගා පික්සල් චායාරූප බලන්න ඕනෙනම්....

National Geographic best pictures of the year
මට ආපු ඊ මේල් එකකින් තමයි උපුටා ගත්තේ. කට්ටිය එක්ක බෙදා හදා ගන්න ඕන කියල හිතුන හින්දා..
මෙ.. මෙ... මම ඔයාට මල් කිනිත්තක් ගෙනාවා....
මේ එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ......
රටා රටා රූ රටා...
චව්ව්ව්ව්.................
ඉර බැස යන හැන්දෑවක ඔයත් එක්ක ගං තෙර සිඳ මුමුනන්නට පෙම් වදනක්...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මා........
සීතලයි නේද මෙයා...
මේ මැස්සෙක් මගෙ නහයේ වහලා...
ඔන්න මමත් පැන්නා .. ඇමති කමක් හම්බෙයි නේද..?
කට්ටිය නෑගම් යන්වද..?
දිගට දිගේ ආදරය....
සීමාවක් නැති ආදරේ අහස තරම්...
හුරේ ..!!! ජය වේවා ......!!!!
මගේ චීටා දරුවෝ ටික...
Opportunity Cost
සියළු තීරණ ගැනීම්
පිටුපස ආවස්ථික පිරිවැයක්
ඇති නමුත්,
ආදරය පිටුපස
ආවස්ථික පිරිවැයක් නොමැති
වන්නේ,
එය නොමිල භාණ්ඩයක්
වන නිසා නොව,
ආදරයකට ඒ ආදරය හැර
වෙන කිසිදු විකල්පයක්
නොමැති නිසාවෙන්.............!
ප්‍රදීප් සත්සර.
ප.ලි.
ප්‍රදීප් සත්සර හා ගිහාන් සසංක යනු අපේ හොස්ටල් එකේ ඉන්න එකේ මගෙ මිතුරන් දෙදෙනෙකි.
මචං අපිට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ,
ඒක හින්දා උඹ කැමතිනම් ලියපු කවි වගයක් තියනව උඹේ බ්ලොග් එකේ දාපන් කියා මගෙන් ඉල්ලීමක් කලා.
ඉතින් මමත් තීරනය කලා මගේ සිතුවිලි වලින් මගේ මිතුරන්ගේ සිතිවිලි වලටත් ඉඩ ලබා දීමට.....
උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක්...
කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්‍රැෆික් නිර්මාන කරන අයට තමයි ...
ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..
1.) Joomla Template Builder
ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..
2.) java script photo slide shows
ජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.
3.) Adobe Photoshop plugins Free..

සෑහෙන්න ප්ලගින්ස් තියනවා. නිකන් දෙන ඒවා.
අපූරු වැඩ ටිකක්. demo එකකුත් තියන්වා. ඔක්කොම සෝස් ෆයිල්ස් ටිකත් දෙනවා.
හොඳ brush ටිකක්. brush විතරක් නෙමේ තවත් vectors, tutorials වගේ දේවලුත් තියනවා.
මෙතන Free Flash Templates විතරක් නෙමේ Flash Web Gallery හා Free CSS Templates වගේ දේවලුත් තියනවා.
Premium textures කියන වචන දෙකට වෙබ් අඩවි දෙකක් ලින්ක් කරල තියෙන්නේ. දෙකේම හොඳ textures නිකන් දෙනවා.
8.) Logo Design Resources
Logo Design කරන අයට වගේම Logo Design ගැන දැනගන්න ඕන අයටත් එක්ක.
9.) For Graphic lovers
කියල වැඩක් නෑ. එලකිරි තැනක්. ගොඩක් දේවල් තියනවා ග්‍රැෆික් ඩිසයින් කරන අයට. ගොඩක් දේවල් නිකන් බාගන්න පුලුවන්.
10.) Good Photoshop tutorials
ආධුනික කෙනෙකුට හොඳ tutorials ටිකක්.
අදට ඇති වගේ ආයිත් දවසක මෙහෙම ටිකක් දාන්නම්කෝ...
තවත් e-bay කතාවක්
මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව.
කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ. දැන් කියන්නෙ තවත් ගත්ත දෙයක් ගැන,
ඉතින් මේක ගන්න ගිහින් ලැබුනු අත් දැකීම e-bay එකෙන් මොනවාහරි ගන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියල මම හිතනවා.
මම ගත්තෙ නම් PS2- USB converter එකක්, ගාන රුපියල් වලින් කිව්වෙත් 180ක් විතර.මේක ගත්තේ ඇයි කියලා මම අන්තිමට කියන්නම්කෝ. ආ.. මේකට සල්ලි ගෙවපු විදිහත් මගේ කලින් e-bay ගැන ලියපු ලිපියේ ඇති.
ඉතින් මම e mail එකක් දැම්මා තවම මට ලැබුනේ නෑ කියලා.
එන්න ඕන නම් හොංකොං වලින්. e mail එකට මට reply
එකක් ආව අලුත් අවුරුදු සුභ පැතුම් ආදිය ඉක්මනින් යවන්න අවශ්‍ය නිසා මේක එන්න
මාර්තු මුල සතිය වෙයි ඒත් ආවෙ නැත්නම් නැවත දන්වන්න කියලා.
මාර්තු මුල සතිය පහුවෙද්දිත් ආවෙ නැති නිසා මම ආපහු e mail එකක් දැම්මා.
එතකොට කියලා තිබ්බා මේක සමහර විට තාම හොංකොං වල ඇති ඒක හින්දා ගෙවපු මුදල නැවත ගිණුමට දමන්නම් කියලා.
කිව්වා වගේම දවස් 3,4ක් යද්දි මුදල් නැවත ගිනුමට දාල තිබ්බා. හැබැයි ඊට දවස් දෙකකට විතර පස්සේ මේක ආවා.
ඉතින් මම ආයෙ සල්ලි ගෙව්වා.
ඔන්න ඕකයි කතාව. ඔයගොල්ලොත් ඕඩර් කරපු දෙයක් එන්න පමා උනොත් e mail එකක් දාල පොඩ්ඩක් බලන්න.
ආ.. මම මේක ගත්ත හේතුව කිව්වෙ නෑනෙ. මේක ගත්තෙ සිංහලෙන් ලියන්න තමයි.
කොටින්ම කිව්වොත් සිංහලෙන් බ්ලෙග් ලියන්න තමයි. මම මෙච්චරකල් සිංහල යුනිකෝඩ් වලින් ලියන්න බාවිතා කලේ UCSC එකේ real time Sinhala Unicode converter එක.අපේ ගෙදර තිබ්බා සිංහල දෙමල අකුරු print කරලා තියන key board එකක් ඒක මම අරගෙන ආව.
හැබැයි ඒක PS2 එකක්. ඉතින මගේ ලැප්ටෙප් එකේ PS2 port එකක් නැති නිසා තමයි මේක ගත්තෙ.මම බදුල්ලෙ හොයලා බැලුවත් මෙහෙම එකක් ගන්න තිබිබෙ නෑ. ඉතින් ලේසිම තැන තමයි e-bay.
ඔන්න අද ලිපිය තමයි real time Sinhala Unicode converter එක නැතුව කෙලින්ම සිංහල
key board එක පාවිච්චි කරල ලියන්නේ. අකුරු print කරලා තිබුනත් පුරුදු නැති නිසා වෙනදට ටඩා ගොඩාක් වෙලා ගියා මේක ලියන්න. අකුර අකුර බලබල ගහන හින්දත් කලින් පුරුද්දට සිංහල අකුරු ශබ්දයට type කරද්දි වරදින හින්දත්.
ඉතින් ටික දවසක් යද්දි වැඩේ හරියයි වගේම ඉක්මනට සිංහල type කරන්න පුලුවන් වෙයි කියල හිතනවා.
එහෙනම් අදට ඉවරයි. මේක කියවද්දි හිතුන දේවල් ලියලා යන්නත් අමතක කරන්න එපා...
පුංචි ලෝකාන්තය බලන්නට ගියෙමි. ගිහින් තියනවද..?
අපි කැම්පස් එකේ විවෙකයක් තියන සෙනසුරාදා ඉරිදා දවස් වලට කට්ටිය සෙට්වෙලා කොහේ හරි ලඟපාත තියන
ලස්සන තැන් බලන්න යනවා.අපි ගිය තැන්ගැන කිව්වොත්
දුන්හිඳ, දියලුම, බඹරකන්ද දියඇල්ල, රාවනා ඇල්ල, නමුනුකුල, දඹේතැන්න,
බෝගොඩ පාලම, දියතලාව, හපුතලේ, මහියංගනය, ඇඩිසම් බංගලාව, ලිප්ටන් සීට්, බ්ලැක් පූල්,
රොක් හිල් හා හරියට නම් නොදන්න කඳු, සමහර තැන් මේ වෙලාවෙ එකපාරට මතක් වෙන්නෑ.
අද කියන්න යන්නෙ ගිය සතියෙ ගිය තැනක් ගැන.
හැමෝම අහල ඇතිනේ ලෝකාන්තය ගැන හෝර්ටන් තැන්නෙ තියන.
ඒත් මේ කියන්න යන්නෙ ඒක ගැන නෙමේ.මේ පුංචි ලෝකාන්තය ඒක තියෙන්න පස්සර මඩොල්සිම.
හරියටම කිව්වොත් බදුල්ලෙ ඉඳන් කිලෝමීටර 61 දුරින් තව කිව්වොත් පස්සර ඉඳනුත් කිලෝමීටර 42
දුරින් madolsima වතුයායේ කොනක තියන තැනක් ගැන.
මෙතනට යනපාර ගැන කිව්වොත් බදුල්ලෙ ඉඳන් පස්සර පාරේ පස්සරට ගිහින් පස්සරින් හැරිලා මඩොල්සිම පාරෙ
මඩොල්සිමට ගිහින් එතනිනුත් හැරිලා පිටමාරුවට යන පාරේ සෑහෙන්න දුර (කිලොමීටර් 20ක් විතර )යන්න ඕන.
මඩොල්සිම ඉඳන් නම් පාරක් නෑ කිව්වත් හරි මොකද තියන් පාර හොඳටම අබලන්.
ඉඳලා හිටලා තැනක තාර ටිකක් තියනවා.
අපිනම් ගියෙ බස් එකේ. පිටමාරුවට බදුල්ලෙ ඉඳන් දවසකට බස් 2 යනවා. අපි ගියේ උදේ 7.30ට විතර තියන බස් එකේ.
අපේ ගිය කට්ටිය.
පස්සර ඉඳන් ගොඩක් දුර යනකන් නමුණුකුල කඳු වැටිය හොඳට පේනවා.
නමුණුකුල කඳු පන්තිය
මේ හරියෙ දිගටම තියෙන්නෙ තේ වතු හා වතු ජනාවාස. සිංහල ගම් නම් හම්බෙනවා අඩුයි.
මගදි දකින්න පුලුවන් madolsima වතුයායේ අයිති කාබනික තේ වගාවකුත්.
කාබනික ගොවිතැන ගැන අහල තිබුනට කාබනික තේ වගාව ගැන අහල තියනවද ?
විශේෂත්වය තමයි මේකට යොදන්නෙ තනිකරම කාබනික පොහොර වගේම වල් පැල ඉවත්කිරීමකුත් සිදුවෙන්නෙ නෑ.
මමත් මේක ගැන හරියට දන්නෙ නෑ හැබැයි ඔයගොල්ලන්ට ලංකාවෙදි නම කාබනික තේ මිලදීගන්න ලැබෙන්නෙ නෑ මොකද
මේවා සම්පූර්ණයෙන් අපනයනයට තමයි නිපදවන්නෙ.
ආ.. මගදි දකින්න පුලුවන් තව විශේෂ දෙයක් තියනවා ඒ තමයි DS ගල.මේක දිහා ඈත ඉඳන් බැලුවහම
පේන්නෙ D.S.සේනානායක මහතා වගෙයි. මූන රැවුල නහය ගොඩක් ඒවගේම තියනව.
DS ගල.චායාරූපය ගත්තෙ බස් එකේ යනගමන්.
බස් එකෙන් බැහැලා කිලොමීටරයක් විතර දුර පයින් යන්න ඕනා.මේ හරියෙ යද්දි පරිසරය හැමතිස්සෙම වෙනස් වෙනවා.
අපි යද්දි තද මීදුමක් තිබුනා ටික වෙලාවකින් තදට පායන්න ගත්තා.හිමිහිට හිමිහිට පයින් යද්දි ඔන්න අපේ ගමනාන්තයට ලඟා උනා.
මෙතනින් ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ තියනවා තද හෙලක් මීටර් 300ක් විතර යටට තියන.
එතන පලල ගල් දෙබොක්කාවක් වගේ තැනක්.හරියට හුම්මනය වගේ යට ඉඳන් එන මීදුම දෙපැත්තෙ ගල් දෙකේ වැදිලා වේගයෙන් උඩට එනවා.
හිටගෙන එතනින් පහල බලන්න බෑ.බිම දිගාවෙලා තමයි බලන්න ඕනා.
එතනිනුත් තව ටිකක් ඉස්සරහට යද්දි තමයි පුංචි ලෝකාන්තය හමබවෙන්නෙ.
මෙතන බිම හදල තියනවා වටේට තියන පලාත් පෙන්වන බෝඩ් එකක්.
වටේට මහනුවර,මහියංගනය,බිබිල,අම්පාර,මඩකලපුව,මොනරාගල,පස්සර, බදුල්ල ආදී ප්‍රදේශ තියන බව සඳහන් උනත් හරියට පේන්නෙනෑ.
ඈත වැවක්නම් පේනවා සේනානායක සමුද්‍රය පේනබව තිබුනත් හරියම මොකද්ද කියන්න බෑ.
තව පොඩි කඳු ගැටයක් තියනවා ටිකක් එහායින්.
අපි එතනටත් නැගලා ටිකක් වෙලා ඉඳලා ආපහු පහලට බැස්සා.මොකද එක බස් එකයි තියෙන්නෙ ආපහු යන්න.
ඒක 1.30ට විතර කලින් බැහැපු තැනට එනවා.අපි පහලට ඇවිත් ගිය බස් එකේම ආපහු ආවා.
මේක බොහොම සුන්දර මතක සටහනක් තමයි මටනම්.
ඒ මතකය හැමෝම එක්ක බෙදා හදා ගන්න තමයි මේ සටහන ලිව්වේ.
අන්තිමට කියන්න තියෙන්නෙ මේ වගේ තැනකට ඔයගොල්ලොත් යනවනම්
එක දෙයක් විතරක් තියලා එක දෙයක් විතරක් අරන් එන්න.
ඒ පියසටහන් පමනක් ඉතුරුකරලා චායාරූප එහෙම නැත්නම් සුන්දර මතකය විතරක් අරන් එන්න.........

කාබනික තේ වගාව

පින්න මල්
නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලඟට පාව ඇවිත්......
පින්නන පිපෙන රෑ යමේ එන්නදෝ සොයා...
පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා....
පින්න මල සම්බන්ද සිංදු ගැන නෙමේ අද ලියන්න හදන්නේ ඒත් මෙ සිංදු ටික මතක් උනේ පින්න මල් දැකලා.
ඉතින් පින්න මල දැකල නැති අයට බලාගන්නත් එක්ක දැකපු පින්න මල්වල පිංතූර කිහිපයක් දාන්න හිතුනා.

Subscribe to:
Posts (Atom)