Showing posts with label අනං මනං. Show all posts
Showing posts with label අනං මනං. Show all posts
Saturday, January 29, 2011 | By: මියුරංග

ප්‍රතික්ෂේප වුනු අපේක්ෂක ලයිස්තුවක හිටි හිටපු සභාපතිගේ දුක හිතෙන කතාව


නොදකිං විතරක්,
අට පාස් නැති
නීතිඥයොයි
පක්ෂ ලේකම් හින්දයි 

ගම නැඟුමෙන් ගම නඟල
මග නැඟුමෙන් මඟ නඟල
අඩි පාරත් කොන්ක්‍රීට් කරල
ගමේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳල

ප්‍රදේශය සමෘධිමත් කරල
ජනතාව නඟාසිටවල
දිලිඳුබව තුරන් කරල
සහනාධාර දීල

ආසියාවේ ඓචර්යය කරන්න හිටිය 
අපේ ප්‍රදේශීය සභාව
‍ලංකාවේ ඓචර්යය වත් කරන්නේ
කොහොමද දැන්....?


Tuesday, January 25, 2011 | By: මියුරංග

බ්ලොග් සතියට මගේ බස් කතාව



බස්කරුවන්ගේ මහා බ්ලොග් සතිය වෙනුවෙන් ලියවෙන දෙවනි බ්ලොග් සටහන පටන් ගන්නයි ඔන්න හදන්නේ.
ඇත්තටම මෙහෙම වැඩත් වත් පටන්ගත්තෙ නැත්නම් මමනම් මෙහෙම බ්ලොග් සටහන් 7ක් ලියන එකක් නෑ එකදිගට. ඒ හින්දා වැඩේ පටන්ගත්ත වැප්, මගේ මරණය ඇතුලු කස්ටියට ස්තූතිවන්ත වෙන්න ඕන.

හරි දැන් එමුකෝ මාතෘකාවට. සමහර අයටනම් තමන්ගේ වාහනයක යද්දි නින්ද ගියාට බස් වල යද්දිනම් නිනද යන්නේ නෑනේ.ඒකට තව සමයර අය නැග්ග වෙලේ ඉඳන් හිටගෙනත් එක්ක නිදි. හිටගෙන නිදාගත්තෙ නැතත් මටත්නම් බස්වල යද්දි දෙයියනේ කියල හොඳට නින්ද යනවා.
පොඩිකා‍ලේ ඉදන් හොස්ටල් එකේ හිටිය හින්ද මම ඉස්කොලෙ ගියෙනම් බස් එකේ නෙමේ. හැබැයි ඒ ලෙවල් කරද්දිනම් හොස්ටල් තිබ්බෙ නැති හින්ඳ ස්කූල් බස් එකේ තමා ගියේ. කෝක වෙතත් මම සාපේක්ෂව වැඩිපුර දුරගමන් යන බස්වල ඉස්කොලෙ කාලේ ඉඳන් ගිය හින්දද කොහෙද බස් එකේ හොඳට නිනද යනවා.
කොළඔ ඉඳන් පැය දෙකක් දෙක හමාරක ගමනක් ගෙදරට තියනවා. ඕක උනත් නිදා ගත්තෙ නෑත්නම් බහිද්දි මාර මහන්සියක් තියෙන්නේ. සමහර වෙලාවට ඉස්කෝලෙ ඉඳන් පිටකොටුවට එන ටිකටත් මම නිදි.

බස් එකේ යද්දි නිදා ගැනීමේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ බදුල්ලෙ යන්න පටන්ගත්තහම. කඩි කැඩි බස් කීපයක ගියත් පැය 7ක
විතර ගමනක්.මතක් වෙද්දිත් එපා වෙනවා. ගමනේ අමාරුම හරිය තමා නුවර ඉඳන් බදුල්ලට යන එක. ඒකට පැය 4ක් විතර යනවා වගේම හිමීට වංගු වංගු අරගෙන කඳු නැග නැග යනකොට හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.අනික ගමනෙන් බාගයක් දුර විතර පාරත් සවුත්තුයි. නින්ද හියේ නැත්නම් බදුල්ලෙන් බහිද්දි මැරිල වගේ තමා. ඉයර්ෆෝන් දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ යන හින්දා නිකම්ම නින්ද යනවා. මගදි තේ බොන්න නවත්තද්දි තමා ඇහැරෙන්නේ. ඊටපස්සේ ආපහු ඉතින් සෑහෙන වෙලාවකට නින්ද යන්නෙ නෑ. කොහොම උනත් පැය 4න් පැය 3ක් වත් නිදාගෙන තමා යන්නේ මමනම්.

ඔය නින්ද හිනදා එක පාරක් නම් මරැ වැඩත් වෙලා තියනවා. එතකොට ඔය ඒ ලෙවල් කරන කාලේ. දවසක් හවස 6ට හය හමාරට විතර මම පිට‍කාටුවෙන් කුලියාපිටිය බස් එකට නැග්ගා ගෙදර එන්න කියල. ගෙදරට යන්න කුලියාපිටියට කලින් බස් එකෙන් බහින්න ඕන. ඒත් එදා හවස් වෙලත් තිබ්බ හින්ද හොඳට නිදා ලෙන ආවේ. මට ඇහැරෙනකොට කුලියාපිටියට බස් එක ඇවිත්
වෙලාවත් රෑ 8.30ට විතර ඇති. මේ වෙලාවට කුලියාපිටියේ ඉඳන් ගෙදරට යන්න බසුත් නෑ. ඔය කාලේ මං ගාව ෆෝන් එකකුත් නෑ. මොකද කරන්නේ කියල හිත හිත බස් ස්ටෑන්ඩ් එකට එනකොට මෙන්න බොලේ ගෙදර යන්න බස් එකක් තිබුනා.
මම ගෙදර ආවේ පොසොන් පෝය දවස්වල. කුලියාපිටියේ ටවුන් එකේ තොරන් ගහල හෙන වැඩ ‍ගොඩයි. ඒක හින්ද රෑත් අමතර බස් දාල තිබ්බා. නැත්නම් හොඳකට්ටක් තමා කන්න වෙන්නේ.
Monday, January 24, 2011 | By: මියුරංග

නිර්වචනයක් නැති කියාගන්න බැරි අපේ හැඟීම්

අපි හැමෝටම දැනෙන ඒත කටවත් කියාගන්න බැරි තව කෙනෙකුට තේරුම් කරන්න බැරි සමහර වෙලාවට අපිටවත් තේරුම් ගන්න බැරි වෙන් දුක සතුට වේදනාව වෙන්වීම මිතුරුකම ආදී අපේ හැඟීම් සමහර වෙලාවට එක පිංතූරයකින් බොහොම පැහැදිලිව කියන්න පුලුවන්.

ඒවගේ වචන දාහකින් සමහර විට දහදාහකින් වත් කියාගන්න බැරි දේවල් මෙන්න මේවගේ එක පිංතූරයකින් සමහර විට පෙන්නන්න පුලුවන්.



ආදරය 
සමහර වෙලාවට මටනම් ආදරය ගැන හ‍ඟෙන දැනෙන දේවල් පිංතූරයකින් වත් පෙන්නන්න බෑ ඒක ඒ තරම්ම අමතු දෙයක්. ඒ වගේම ඇත්තටම අපි කෙනෙකුට ආදරය කරනවනම් මේ ‍ෆොටෝ එකේ වගේ සීමාවක් අබල දුබල කමක් ඒකට බලපාන්නේ නෑ.


වේදනාව
අපි ආදරය කරන අපේ ලඟින්ම හිටපු කෙනෙක් අපෙන් වෙන් වුනාම අපිට දැනෙන වේදනවෙ වචන වලින් කියන්න පුලුවන්ද?

  
දුක
දුක කඳුල නම් කෙසේ වචනයකින් කියන්නද? 


කරුනාව/දයාව
යුධ බිමේ අවිදරා සිටිනා සෙබලෙකුත් තමාගේ මනුෂ්‍යත්වයේ හැඟීම් පෙන්වන කරුනාව වචන කීයකින් විග්‍රහ කල හැකිද?


නික්මයාම
අපි හැමෝටම නික්මයාම පොදුයි. ඒත් ......


අහිංසකකම
පුංචි කෙලි පොඩ්ඩගේ හිනාව දෝර ගලන සංතෝසේ. අව්‍යජ අහිංසක සොඳුරුබව....


ගෞරවය/ආචාරය
අපිත් එක්ක හිටපු අපි වෙනුවෙන් කැපකිරීම් කරපු සමහර විට ජීවිතය පවා පුද කරපු කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ උපදින ගෞරවය.....


යාලුකම
ලොකු පොඩි, උස් මිටි බේද නැති හැබෑ යාලුකම....... 



හොඳම යාලුවා
මාත් එක්ක හැමදාමත් දුකේදීත් සැපේදීත්...


Sunday, December 19, 2010 | By: මියුරංග

ඕන් මාත් ගියා...!!


මුල් වතාවෙ යන්න බැරි උනත් මේ වතාවෙනම් කොහොමහරි යනව කියල හිතගෙන උන්නු හින්ද අද තිබ්බ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සුහද හමුවට මාත් ගියා. වැඩේට යන්න කලින් එන  කට්ටියගෙන් අඳුරන් කෙනෙකුට හිටියේ කුෂාන් අයියා විතරයි. එක හින්දා සිංහලෙන් බ්ලොග් ලියන කට්ටිය මොනවගේද කියල බලාගන්නත එක්ක තමාගියේ.
මම යනකොට 8.30ට විතර ඇති. වැඩේ පටන් අරන් නැගල යනව ඇති කියල හිත හිත එතනට යනකොට සූ ගාල 10ක් විතර කට්ටිය බිල්ඩිමේ ඇතුල් වෙනතැනම ආලින්දයේ වාඩිවෙලා හිටියා.
ටික වෙලාවක් යද්දි කාලිංග එහෙම ඇවිත කට්ටියට උඩට යන්න කතා කොලා. ආ.. එතන කොලයක් තිබ්බනේ එන කට්ටියගේ නම් ලිස්ට් එක දාල. එකේ ගොඩක් නම් වෙනුවට තිබ්බේ කොටු. සිංහලෙන් දාපු නම් නෑ.
චෙක් වන් ටෙස්ටින් 

පස්සේ ඒක හරිගස්සලා තිබ්බ මයේ හිතේ. ඕන් කොහොමෙන් කොහොමෙන් හරි උඩට ගියා කියමුකො. එතනත් ඉතින් පටන් ගන්න විනඩි විස්සක් විතර චෙක් වන් ටෙස්ටින් වන් කොර කොර හිටයා. ඒ වෙලේ ඉතින් ඇවිත් හිටය කස්ටිය එක්ක කතාකරල දැන හඳුන ගන්න ලැබුනා.
මම වාඩිවෙලා හිටියෙත මාර තැනක තමා ඉස්සරහින් හිටියේ මාරය, පිටිපස්සෙන් හිටියේ මුචලින්ද. මාරයගෙනම් කිසි මාර පාට් එකක් තිබ්බෙ නෑ.

ඊට පස්සෙ ඔන්න සිංදුවක් කියන්න ගිහින් කුෂාන් අය්යායි තිස්ස අය්යායි (මාමා වෙන්න ඕනා) මයික් එකට ෆයිට් එකක් දුන්න. පස්සේ වෙන එක්කෙනෙක් සිංදුව කිව්වා..

මලින්තනම් මගුල් ගෙදරකට ගියා වගේ ආපු වෙලේ ඉඳන් දිගට හරහට ෆොටෝ ගගහ හිටියේ.
පස්සෙ සිංහල ෆොන්ට් ගැන ටිකක් බර කතාවක් ගියා. මමත් අහගෙන හිටියට වැඩිය මුකුත් තෙරුනේ නම් නෑ. මේ වෙනකොටනම් මටත් සෑහෙන්න බඩිගිනි වෙල තිබුනේ. කට්ටිය කෑමත් ලෑස්ති කොරලා. ඇතුල් වෙද්දි කෑම ගන්න පොඩි කූපන් එකක් දුන්නට කෑම ගොඩක් තිබ්බ නිසා කට්ටියට දෙක දෙක කන්න කියල කාලිංග අය්යා කිය කිය ගියා. මමනම් ඉතින් එකයි කෑවේ.
හෙට පෝය හින්දද කොහෙද උම්බලකඩ කෑල්ලක් වත් බත් එකේ තිබ්බේ නෑ.



කන්න ගිහිල්ලත කට්ටිය එක්ක ටොක්ස් ටිකක් දාන්න  සෙට් උනා. ලිශාන්ගේ බ්ලොග් රෝල ලියන් ලිශ්විශ් හා මුචලින්ද එක්ක සෑහෙන්න ෆිට් එකෙන් කතාකරන්න හම්බවුනා.
ඊට පස්සෙ ඉතින් මමත් එන්න ආවා.දුර යන්නත් එපැයි. ලබන පාරත් මෙහෙම එකක් තිබ්බොත් යන්නත් අදහසක් ඇතිව.

ආ.. තව අමතකවෙච්චි සීන් එකත් තියනවනේ. microsoft එකේ කස්ටිය තැන වෙන්කොරගන්ට එන අයගේ නම් ලිස්ට් එකක් බිල්ඩිමේ ආරක්ෂක අංශයට දීලා. නම් ලිස්ට් එක බැලුවහම කස්ටිය පොඩි බකට් එකක් පෙරලලා. මොකද එන යගේ නම් ලිස්ට් එකේ තිබිල තියන නම් දිහා බලලා. මෙකට එන්න ඉඳල තියෙන්නේ අමුතු කස්ටියක්නේ.. මාරය , මුචලින්ද, අන්තිමයා, පුරුපුරු....
Monday, September 27, 2010 | By: මියුරංග

කාලෙකින්...

මාසෙකින් විතර මොකක් හරි ලියන්න ගත්තේ. ලියන්න ආසවෙන් උන්නත ලියයුනේ නෑ. කම්මැලිකමද වෙලාවක් නැති කමද මන් දන්නෙ නෑ.
මොනද දැන් ලියන්නේ.. මේ දවස් ටිකෙනම් බදුල්ලට වැස්ස මීදුමත් තියනවා.ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ලැබුවා.. මගේ වගේම මගේ යාලුවන්ගෙනුත්....

ලියන්න දේවල් හිතෙන්නෙ නැති එකේ සිංදුවක් වත් ලියනව.
මේක මම ආස සිංදුවක්... අමරසිරි පීරිස්ගේ ආසම සිංදුවලින් එකක්

හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න....

අදුරු වලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දෑනෙන්න.....

ලතා මඩුලු අත වනාවී
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න.....

හන්තානට පායන හද...



youtube link
http://www.youtube.com/watch?v=_LdAQYN6ZS8


තව පොඩි පොඩි වැඩ වගයක් කරගෙන යනවා. ඒව ගැන හිමීට කියන්නම්කෝ.







Thursday, August 5, 2010 | By: මියුරංග

මෙ දවස්වල TV එකෙ හැමදාම යන ටෙලිනාට්‍ය වල අගමුල තේරෙන කෙනෙක් ඉන්නවද..?


සෑහෙන කාලෙකින්නෙ ගෙදර ආවේ. එක හින්ඳා ගෙදරම තමයි ඉන්න කල්පනාව.
ඉතින් මේ ගැටලුව ඇති උනේ හවස TV බලන්න ගත්තට පස්සෙ තමයි.
නිවුස් හා මැච් එකක් ඇරෙන්න කැම්පස් එකේ ඉද්දි TV බැලෙන්නෙ නැතිතරම්.
මට තියන ලොකුම ගැටලුව තමයි මේ නාට්‍ය වල අගමුල  පිලිවෙල තෝරගන්න එක. මම බලන්නෙනම් නෑ. හැබැයි බැලෙනව මොකද සමහර වෙලාවට බලන්න වෙනමුකුත් නෑනේ.
හවස 7 ඉඳන් රෑ 10 වෙනකන් අයිටීඑන්, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ,
හැම එකේම එකම බ්ලොක් එකේ නාට්‍ය සෙට් එකක් යන්නෙ.
හැම එකටම තියෙන්නෙ ගෑනු ලමයින්ගෙ නම්. ටික වෙලාවක් බලද්දි තේරෙනවා නට්‍යය එක තැන කැරකැවෙනවා කියලා.
හැම එකේම කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා එක්කො දෙන්නගෙ ගෙවල් වලින් ප්‍රශ්න නැත්නම් තව මොකක් හරි අප්සෙට් එකක්. හැමදාම  ගියත් හැමදාමත් තියෙන්නෙ එකම දේ.
ඔක්කොම ගොන් දෙපැය වගේ.
ALවලින් පස්සෙ කැම්පස් යාමත් එක්ක නාට්‍ය විතරක් නෙමෙ ට්ව් බලන එකත් සෑහෙන්න නැවතුනා.
නාට්‍ය බලන එකනම් සම්පූර්නයෙන්ම නැවතුනා. ඒකනම් ගොඩක් සතුටු වෙන්න පුලුවන් කාරනයක් කියල හිතෙනවා.
අන්තිමට දිගටම බැලුවෙ ඉසුරු යෝගය, එකනම් එකපාරක් නෙමේ දහ පාරක් උනත් ආපහු බලන්න ආසයි.
එහෙම බලන්න පුලුවන්
අකාල සන්ධ්‍යා
දඬුබස්නාමානය
ඉංගංමාරුව
දිය කැට පහන
සකිසඳ එලියස්
එතුමා
තව එව තියනව දැන් එකපාරටම නම මතක් වෙන්නෑ.
මටනම් මේවගේ අගමුල ගලපගන්න ඔනේ නෑ. ඒත් ඔය හැම එකම බලන අයට මේවා තෙරෙනවද දන්නෑ..
Thursday, May 20, 2010 | By: මියුරංග

වසරක් පසු කළෙමි..


ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.
ඉතින්  මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.
මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.

මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.
අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ඉස්සරහට පුලුවන් තරම් ලියන්න උත්සාහ කරනවා...

මේ දවස්වල අසනීපවෙලා ඇඳේම තමයි හිටියේ. අද තමයි ටිකක් හරි නැගිටලා ඉන්නේ.

හැමෝටම ජයෙන් ජයම වේවා..!
Monday, May 10, 2010 | By: මියුරංග

ලොකුම ඩිජිටල් ඡායාරූපය..

අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. .
මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප  ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ.
ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ.
කැමරා කිහිපයකින් ස්වයංක්‍රීයව හරි ගොඩක් අය එකතුවෙලා හරි ගත්ත ඡායාරූප ගොඩක් එකතු කරල තමයි මේක හදන්නේ.
ගිගා පික්සල් ඡායාරූප ගැන මෙතනින් දැනගන්න.

මාතෘකාවට ආවොත් මේ තියෙන්නෙ මම කියන ඡායාරූපය. ඩුබායි නගරයේ ඡායාරූපයක්. මේක ගිගා පික්සල් 45ක් .


හොඳට zoom කරලා බලන්න ඔනෙනම්.

තව ටික කාලයක් යද්දි මීට වඩා ලොකු ඡායාරූප තියෙයි..

තව ගිගා පික්සල් චායාරූප බලන්න ඕනෙනම්....
Wednesday, April 21, 2010 | By: මියුරංග

Opportunity Cost


සියළු තීරණ ගැනීම්
පිටුපස ආවස්ථික පිරිවැයක්
ඇති නමුත්,
ආදරය පිටුපස
ආවස්ථික පිරිවැයක් නොමැති
වන්නේ,
එය නොමිල භාණ්ඩයක්
වන නිසා නොව,
ආදරයකට ඒ ආදරය හැර
වෙන කිසිදු විකල්පයක්
නොමැති නිසාවෙන්.............!

ප්‍රදීප් සත්සර.

 ප.ලි.

ප්‍රදීප් සත්සර හා ගිහාන් සසංක යනු අපේ හොස්ටල් එකේ ඉන්න එකේ මගෙ මිතුරන් දෙදෙනෙකි.
මචං අපිට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ,
ඒක හින්දා උඹ කැමතිනම් ලියපු කවි වගයක් තියනව උඹේ බ්ලොග් එකේ දාපන් කියා මගෙන් ඉල්ලීමක් කලා.
ඉතින් මමත් තීරනය කලා මගේ සිතුවිලි වලින් මගේ මිතුරන්ගේ සිතිවිලි වලටත් ඉඩ ලබා දීමට.....
Monday, March 22, 2010 | By: මියුරංග

තවත් e-bay කතාවක්


මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව.
කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ. දැන් කියන්නෙ තවත් ගත්ත දෙයක් ගැන,
ඉතින් මේක ගන්න ගිහින් ලැබුනු අත් දැකීම e-bay එකෙන් මොනවාහරි ගන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියල මම හිතනවා.
මම ගත්තෙ නම් PS2- USB converter එකක්, ගාන රුපියල් වලින් කිව්වෙත් 180ක් විතර.මේක ගත්තේ ඇයි කියලා මම අන්තිමට කියන්නම්කෝ.  ආ.. මේකට සල්ලි ගෙවපු විදිහත් මගේ කලින් e-bay  ගැන ලියපු ලිපියේ ඇති.


මම මේක ඕඩර් කලේ ජනවාරි මාසේ දෙවනි නැත්නම් තෙවනි සතියේ විතර මට හරියටම මතක නෑ. නමුත් පෙබරවාරි මාසෙ 3වන සතිය වෙනකොටත් මේක ආවෙ නෑ. කලින් එකනම් දවස් 10කටත් අඩුවෙන් ආවනේ.
ඉතින් මම e mail එකක් දැම්මා තවම මට ලැබුනේ නෑ කියලා.
එන්න ඕන නම්  හොංකොං වලින්. e mail එකට මට reply
එකක් ආව අලුත් අවුරුදු සුභ පැතුම් ආදිය ඉක්මනින් යවන්න අවශ්‍ය නිසා මේක එන්න
මාර්තු මුල සතිය වෙයි ඒත් ආවෙ නැත්නම් නැවත දන්වන්න කියලා.
මාර්තු මුල සතිය පහුවෙද්දිත් ආවෙ නැති නිසා මම ආපහු e mail එකක් දැම්මා.
 එතකොට කියලා තිබ්බා මේක සමහර විට තාම හොංකොං වල ඇති ඒක හින්දා ගෙවපු මුදල නැවත ගිණුමට දමන්නම් කියලා.
කිව්වා වගේම දවස් 3,4ක් යද්දි මුදල් නැවත ගිනුමට දාල තිබ්බා. හැබැයි ඊට දවස් දෙකකට විතර පස්සේ මේක ආවා.
ඉතින් මම ආයෙ සල්ලි ගෙව්වා.

ඔන්න ඕකයි කතාව. ඔයගො‍ල්ලොත් ඕඩර් කරපු දෙයක් එන්න පමා උනොත් e mail එකක් දාල පොඩ්ඩක් බලන්න.

ආ.. මම මේක ගත්ත හේතුව කිව්වෙ නෑනෙ. මේක ගත්තෙ සිංහලෙන් ලියන්න තමයි.
කොටින්ම කිව්වොත් සිංහලෙන් බ්ලෙග් ලියන්න තමයි. මම මෙච්චරකල් සිංහල යුනිකෝඩ් වලින් ලියන්න බාවිතා කලේ UCSC එකේ real time Sinhala Unicode converter එක.අපේ ගෙදර තිබ්බා සිංහල දෙමල අකුරු  print කරලා තියන key board එකක් ඒක මම අර‍ගෙන ආව.
හැබැයි ඒක PS2 එකක්. ඉතින මගේ ලැප්ටෙප් එකේ PS2 port එකක් නැති නිසා තමයි මේක ගත්තෙ.මම බදුල්ලෙ හොයලා බැලුවත් මෙහෙම එකක් ගන්න තිබිබෙ නෑ. ඉතින් ලේසිම තැන තමයි e-bay.
ඔන්න අද ලිපිය තමයි real time Sinhala Unicode converter එක නැතුව කෙලින්ම සිංහල
key board  එක පාවිච්චි කරල ලියන්නේ. අකුරු print  කරලා තිබුනත් පුරුදු නැති නිසා වෙනදට ටඩා ගොඩාක් වෙලා ගියා මේක ලියන්න. අකුර අකුර බලබල ගහන හින්දත් කලින් පුරුද්දට සිංහල අකුරු  ශබ්දයට type කරද්දි වරදින හින්දත්.
ඉතින් ටික දවසක් යද්දි වැඩේ හරියයි වගේම ඉක්මනට සිංහල type කරන්න පුලුවන් වෙයි කියල හිතනවා.

එහෙනම් අදට ඉවරයි. මේක කියවද්දි හිතුන දේවල් ලියලා යන්නත් අමතක කරන්න  එපා...

Sunday, February 28, 2010 | By: මියුරංග

දෙයියො දුන්න firefox

කවුද firefox හැදුවේ ..?
ඒලියන්ස් ලද.?
මේ බලන්නකො අහසෙ තියන දේ..



අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ..
මේක බලන්නකෝ...

මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා.
V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින් පසුයි.
පිපිරීමේ තවත් චායාරූප හා විස්තර දැනගන්න ඕනෙනම් විකිපිඩියාවෙ තියන විස්තරය මෙතනින් බලන්න.

ඔයගොල්ලොත් firfox නම් පාවිච්චි කරන්නේ ටිකක් ආඩම්බර වෙන්න...

Sunday, February 21, 2010 | By: මියුරංග

ඔත්තුකරුවන් හතරවටෙම

ප්‍රවේසම් වන්න ඔත්තුකරුවන් ඔබ අසල ගැවසෙයි. ඔවුන්ගේ උකුසු කැමරා ඇස් ඔබ වෙත් යොමු වී ඇත,
හොඳින් බලන්න
අවදානය යොමු කරන්න.

 


Saturday, February 13, 2010 | By: මියුරංග

xpට 7 ඇන්දුවෙමි

මගේ පරිගණකයේ මෙහෙයුම පද්දති දෙකක් ක්‍රියත්මක වෙනවා.
ඒ උබුන්ටු 9.04 හා SP3.
ඉතින් මම වින්ඩෝස් xpට වින්ඩෝස් 7 තීම් එකක් දැම්මා.
ඒක හොඳට වැඩකලා පරිගණකය slow උනෙත් නෑ.
මෙ බලන්න වින්ඩෝස් 7 වගේම තියනවා. වින්ඩෝස් 7 ෆොන්ට් එකත් එක්ක.

පෙර


පසු



මම මේක හොයගත්තෙ මෙන්න මෙතනින්.මේක install කරන හැටි බොහොම පැහැදිලිව එතන තියනව.

තිර සටහන්


ටාස්ක් බාර් එක



ඔයගොල්ලොත් දාලම බලන්න. හැබැයි xp SP2 හා SP3 වලට පමනයි තියෙන්නෙ.
Monday, February 8, 2010 | By: මියුරංග

හොඳ වැඩක්

පොදු මගී ප්‍රවාහන සේවාවේ (දුම්රිය, බස් සේවාවේ)
මෙතෙක් කල් ආසන වෙන්කර තිබෙනු මා දැක ඇත්තේ පූජ්‍ය පක්ෂයට,
ආබාදිත අයට හා ගැබිනි මවුවරුන්න්ට පමණි.
නමුත් ලඟදී දිනෙක මා ගමන් කල බදුල්ල - 3කනුව බස් රථයක තවත් පිරිසක් සඳහා ආසන වෙන්කොට තිබිණි.
ඒ රණවිරුවන්ට හා පොලිස් නිලධාරී මහතුන් වෙනුවෙනි.
අප සැම වෙනුවෙන් මිලකල නොහැකි සේවාවක් ඉටුකරන ඔවුන් වෙනුවෙන් එසේ කරතිබීම පැසසිය යුත්තකි.
මෙය බස් රථයේ අයිතිකරුවන් විසින් උවමනාවෙන්ම කල දෙයක් බව හැඟුනේ එම වෙන්කරන ලද බව
සඳහන් ස්ටිකරය ඔවුන් උවමනාවෙන් සාදා ඇලවූවක් බව පෙනෙන බැවිණි.



Tuesday, February 2, 2010 | By: මියුරංග

අසරණ කොමසාරිස්


මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ඉදිරි මැතිවරනයටත් තම සේවාව ලබාදීමට තීරණය කර ඇත.
එනිසා තම දිවියේ සැඳැ කාලය එතුමාට විවේක සුවයෙන් ගතකිරීමට තවමත් ඉඩ නොලැබෙනු ඇත.
පසුගිය ජනාධිපතිවරණය අවසානයේ පෙර මැතිවරණ අවසාන වලදී සේම ඔහු පැවසුවේ තමාට විශ්‍රම ගැනීමට අවශ්‍ය බවයි.
දැන් ඔහුට තවත් ආත්තියකට මුහුනදීමට සිදුවී ඇත.
මේ පිලිබඳ මගේ කණගාටුව...


චායාරූපය.
Monday, February 1, 2010 | By: මියුරංග

owner died

owner died

හා හා .. කලබල වෙන්න එපා. කවුරුත් මැරිලා නෑ. මේක error එකක්.කාගෙද .? මගෙනම් නෙමේ.එහෙනම් කාගෙද?
මේක 'C' programming language එකේ තියන error එකක්.
මේ 'C' programming language වල තියන වැරැද්දක් ගැන නෙමේ කියන්න යන්නේ.
coding කරද්දි අපිට දෙන්න පුලුවන් errors.
C වල මේ විදිහට අපිට errors 131 දෙන්න පුලුවන්.ඉතින් මෙ 130 වෙනි error එක තමයි කියන්නෙ.
මේ error එක දාල තියන හේතුවනම් මම දන්නෙ නෑ.
ඔයගොල්ලන්ටත් C වල error list එක බලන්න ඔනෙනම් මේ programme එක run කරලා බලන්න.

#include

#include

main()
{

int i;

for(i=0;i<133;i++)

{

printf("error no %d is %s\n",i,strerror(i));

}


}



මේ බලන්න.