Showing posts with label මල්. Show all posts
Showing posts with label මල්. Show all posts
Monday, February 21, 2011 | By: මියුරංග

කිණිහිරියා මල්

කිණිහිරියා මල්  චිත්‍රපටිය ගැන නම් මේ මං කියන්න යන්නේ. ඇත්තම කිණිහිරියා මල් ගැන.
අපිට මේ දවස් වල විස්ස විද්‍යලේ අන්තිම විභාගේ. ඉතින් විභාගේට කලින් පංසල් යන්න ඕන කියල මුතියංගනේ පංසලට ගියා. එහෙදි තමා මමත් ඉස්සෙල්ලාම ඇත්තටම කිණිහිරියා මල් දැක්කේ.

මුතියංගනේ පංසලේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිලිම තැන්පත් කරල තියනවා උන් වහන්සේලා පිටදී බුදුබව ලැබූ බෝධීන් වහන්සෙලාත් රෝපනය කරල.
සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ පිටදී බුදබවට පත්වුනු කිණිහිරියා බෝධියේ මල් තමයි මේ තියෙන්නේ.







පිංතූර වල කොලිටිය නම් අඩු ඇති මොකද ඡායාරූප ගත්තේ නොකියා 3120 ෆොන් කැමරාවෙන්