තරු දුන්නේ උන්ය.
ඒ ඔබ ඉල්ලූ නිසානම් නොවන බව අපි දනිමු.
ඉතින් ඒ තරු උන්ම ගත්තාවේ. සමහර විට ඒවට උන් ගොඩක් ආසා ඇති. ඒ ඔබේ කරමත පැලඳිනිසාය.
ඔබ මව් බිමට ණය නැති පුතෙකි. සතලිස් වසරක් තම රට වෙනුවෙන් ලේ දහඩිය හෙලූ ඔබගේ වීරත්වය තරු වලින් මැනිය හැක්කක් නොවේ.
සදාකල් ඔබ මගේ හදවතේ වීරයෙකි.
“මිනිසෙකු විනාශ කළ හැකිය. එහෙත් ඔහු පරාජය කළ නොහැකිය”
මට සිතුන .., සිතෙන...,සිතෙන්නට ඉඩ තිබෙන ... මට හැඟෙන මට දැනෙන මගේ සිතිවිලි බෙදා හද ගන්නට...
Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts
වසරක් පසු කළෙමි..
ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.
ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.
මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.
මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.
අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ඉස්සරහට පුලුවන් තරම් ලියන්න උත්සාහ කරනවා...
මේ දවස්වල අසනීපවෙලා ඇඳේම තමයි හිටියේ. අද තමයි ටිකක් හරි නැගිටලා ඉන්නේ.
හැමෝටම ජයෙන් ජයම වේවා..!
එයි අම්මා විගසකිනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
එයි අම්මා විගසකිනේ
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ ගත්ත චායාරූපයක්
අපූරු පින්තූර ටිකක්
පොඩි නිවාඩුවක්
අලුත් අවුරුද්දේ...

2010 අවුරුද්දට තබන පලමු බ්ලොග් සටහන තමයි මේ. දවස් 4ක් විතර පහුවුනත් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.
මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාග පැවැත්වෙනව. ඉතින් බ්ලොග් එකක් ලියන්න තියා කියවන්නවත් වෙලවක් නෑ.
ඒ කොහොම උනත් ලැබුනු පොඩි විවෙකයකින් තමයි මේ සටහන තබන්න හිතුනේ.
බ්ලොග් එකක් ලියන්න ගොඩක් කල් ඉඳන් ආසාවක් තිබ්බත් SBU දැකල තමයි මේක පටන් ගත්තේ.
ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නේ මේ 2010 අවුරුද්දේ සිංහල බ්ලොග්කරනයට තවත් අය එක්වේවා හා සිංහල Unicode භාවිතය මෙන්ම සිංහලෙන් තියන වෙබ් පිටු ගණන තවත් වැඩිවේවා යන්නයි...
ඉතින් මේ අවුරුද්ද සියලු දෙනාටම සාර්ථක වසරක් වේවා...!
Subscribe to:
Posts (Atom)




