Showing posts with label චායා. Show all posts
Showing posts with label චායා. Show all posts
Wednesday, January 26, 2011 | By: මියුරංග

බදුල්ලෙන් ඉර බහින හැටි

ඉර බහින හැටි ලස්සනට බලන්න ඔනේ නම් ඉතින් බටහිර වෙරල තීරයට යන්න ඕනනේ.  ඒතකොට ක්ෂිතිජයෙන් ලස්සනට ඉර බහින හැටි බලන්න  පුලුවන්.
ඒ වගේ නැතත් කඳු අතරින් ලස්සනට ඉර බැහැගෙන යනව බලන්නත් පුලුවන් බදුල්ලට ආවොත්.
ඒවගේ වෙලාවකට වලාකුලක් එතෙන්ට ආවහම මේවගේ ලස්සනට එලිය විහිදෙනවා.
මේ ඒවගේ වෙලාවක ගත්ත පින්තූර කීපයක්.








මේ ඡායාරූප වල කොලිටියනම් අඩු ඇති මොකද නොකියා 3110 හා නොකියා 3120 දුරකතන කැමරා වලින්
ගත්ත ඒව නිසා.


ඉර පායන එකත් මෙහෙම ලස්සනට පේනව ඇති ඒක් හැමදාම මම නැගිටිද්දි ඉර පායල ඉවරයිනේ.
ඒත් එක සැරයක්නම් උදේ පාන්දර බස් එකේ බදුල්ලෙ ඉඳන් පස්සර පැත්තට යද්දි දැක්කා මාරම ලස්සනට
මීදුම අතරින් ඉර පායනවා.

Monday, January 24, 2011 | By: මියුරංග

නිර්වචනයක් නැති කියාගන්න බැරි අපේ හැඟීම්

අපි හැමෝටම දැනෙන ඒත කටවත් කියාගන්න බැරි තව කෙනෙකුට තේරුම් කරන්න බැරි සමහර වෙලාවට අපිටවත් තේරුම් ගන්න බැරි වෙන් දුක සතුට වේදනාව වෙන්වීම මිතුරුකම ආදී අපේ හැඟීම් සමහර වෙලාවට එක පිංතූරයකින් බොහොම පැහැදිලිව කියන්න පුලුවන්.

ඒවගේ වචන දාහකින් සමහර විට දහදාහකින් වත් කියාගන්න බැරි දේවල් මෙන්න මේවගේ එක පිංතූරයකින් සමහර විට පෙන්නන්න පුලුවන්.



ආදරය 
සමහර වෙලාවට මටනම් ආදරය ගැන හ‍ඟෙන දැනෙන දේවල් පිංතූරයකින් වත් පෙන්නන්න බෑ ඒක ඒ තරම්ම අමතු දෙයක්. ඒ වගේම ඇත්තටම අපි කෙනෙකුට ආදරය කරනවනම් මේ ‍ෆොටෝ එකේ වගේ සීමාවක් අබල දුබල කමක් ඒකට බලපාන්නේ නෑ.


වේදනාව
අපි ආදරය කරන අපේ ලඟින්ම හිටපු කෙනෙක් අපෙන් වෙන් වුනාම අපිට දැනෙන වේදනවෙ වචන වලින් කියන්න පුලුවන්ද?

  
දුක
දුක කඳුල නම් කෙසේ වචනයකින් කියන්නද? 


කරුනාව/දයාව
යුධ බිමේ අවිදරා සිටිනා සෙබලෙකුත් තමාගේ මනුෂ්‍යත්වයේ හැඟීම් පෙන්වන කරුනාව වචන කීයකින් විග්‍රහ කල හැකිද?


නික්මයාම
අපි හැමෝටම නික්මයාම පොදුයි. ඒත් ......


අහිංසකකම
පුංචි කෙලි පොඩ්ඩගේ හිනාව දෝර ගලන සංතෝසේ. අව්‍යජ අහිංසක සොඳුරුබව....


ගෞරවය/ආචාරය
අපිත් එක්ක හිටපු අපි වෙනුවෙන් කැපකිරීම් කරපු සමහර විට ජීවිතය පවා පුද කරපු කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ උපදින ගෞරවය.....


යාලුකම
ලොකු පොඩි, උස් මිටි බේද නැති හැබෑ යාලුකම....... 



හොඳම යාලුවා
මාත් එක්ක හැමදාමත් දුකේදීත් සැපේදීත්...


Friday, October 22, 2010 | By: මියුරංග

මහදැන මුත්තා ඕනෑකර තිබේ


සමූහ ඡායාරූපයක්. මෙත්නින් ගත්තෙ

කට්ටියම දන්නවනෙ මහදැන මුත්තා මුට්ටියේ ඔලුව හිරකගත්ත එලුවගෙ ඔලුව බේර ගත්ත හැටි. අර ගමරාලගේ එලුව මුට්ටියක ඔලුව දාගෙන ඌව බෙරගන්න ඇතා පිට ඇවිත් ගෙට්ටුවෙන් එන්න බැරිහින්දා තාප්පෙත් කඩාගෙන් ඇවිත් එලුවගෙ බෙල්ල කපල මුට්ටිය බිඳල එලුවගෙ ඔලුව අරගත්තනෙ.

හැබැයි මෙසැරේනම් එලුවෙක් නෙමේ බල්ලෙක් තමා ඔලුව හිරකරගෙන තියෙන්නෙ.ඌ මුට්ටියකත් නෙමෙ ඔලුව දාගෙන තියෙන්නෙ. ඉතින් බිඳල ගන්න විදිහකුත් නෑ.
බලන්නකො අය්යලා ටික ඌව බෙරගත්ත හැටි......
















මේ අය්යලා අපේ මුත්තා තරම දක්ශ නෑ වගේ නේ..
Monday, May 10, 2010 | By: මියුරංග

ලොකුම ඩිජිටල් ඡායාරූපය..

අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. .
මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප  ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ.
ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ.
කැමරා කිහිපයකින් ස්වයංක්‍රීයව හරි ගොඩක් අය එකතුවෙලා හරි ගත්ත ඡායාරූප ගොඩක් එකතු කරල තමයි මේක හදන්නේ.
ගිගා පික්සල් ඡායාරූප ගැන මෙතනින් දැනගන්න.

මාතෘකාවට ආවොත් මේ තියෙන්නෙ මම කියන ඡායාරූපය. ඩුබායි නගරයේ ඡායාරූපයක්. මේක ගිගා පික්සල් 45ක් .


හොඳට zoom කරලා බලන්න ඔනෙනම්.

තව ටික කාලයක් යද්දි මීට වඩා ලොකු ඡායාරූප තියෙයි..

තව ගිගා පික්සල් චායාරූප බලන්න ඕනෙනම්....
Thursday, April 22, 2010 | By: මියුරංග

National Geographic best pictures of the year

මට ආපු ඊ මේල් එකකින් තමයි උපුටා ගත්තේ. කට්ටිය එක්ක බෙදා හදා ගන්න ඕන කියල හිතුන හින්දා..

මෙ.. මෙ...  මම ඔයාට මල් කිනිත්තක් ගෙනාවා....

මේ එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ......

රටා රටා රූ රටා...

චව්ව්ව්ව්.................

ඉර බැස යන හැන්දෑවක ඔයත් එක්ක ගං තෙර සිඳ මුමුනන්නට පෙම් වදනක්...

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්  මා........

සීතලයි නේද මෙයා...

මේ මැස්සෙක් මගෙ නහයේ වහලා...

ඔන්න මමත් පැන්නා .. ඇමති කමක් හම්බෙයි නේද..?

කට්ටිය නෑගම් යන්වද..?

දිගට දිගේ ආදරය....

සීමාවක් නැති ආදරේ අහස තරම්...

හුරේ ..!!! ජය වේවා  ......!!!!

මගේ චීටා දරුවෝ ටික...
Tuesday, March 9, 2010 | By: මියුරංග

පුංචි ලෝකාන්තය බලන්නට ගියෙමි. ගිහින් තියනවද..?

අපි කැම්පස් එකේ විවෙකයක් තියන සෙනසුරාදා ඉරිදා දවස් වලට කට්ටිය සෙට්වෙලා කොහේ හරි ලඟපාත තියන
ලස්සන තැන් බලන්න යනවා.අපි ගිය තැන්ගැන කිව්වොත්
දුන්හිඳ, දියලුම, බඹරකන්ද දියඇල්ල, රාවනා ඇල්ල, නමුනුකුල, දඹේතැන්න,
බෝගොඩ පාලම, දියතලාව, හපුතලේ, මහියංගනය, ඇඩිසම් බංගලාව, ලිප්ටන් සීට්, බ්ලැක් පූල්,
රොක් හිල් හා හරියට නම් නොදන්න කඳු, සමහර තැන් මේ වෙලාවෙ එකපාරට මතක් වෙන්නෑ.

අද කියන්න යන්නෙ ගිය සතියෙ ගිය තැනක් ගැන.
හැමෝම අහල ඇතිනේ ලෝකාන්තය ගැන හෝර්ටන් තැන්නෙ තියන.
ඒත් මේ කියන්න යන්නෙ ඒක ගැන නෙමේ.මේ පුංචි ලෝකාන්තය ඒක තියෙන්න පස්සර මඩොල්සිම.
හරියටම කිව්වොත් බදුල්ලෙ ඉඳන් කිලෝමීටර 61 දුරින් තව කිව්වොත් පස්සර ඉඳනුත් කිලෝමීටර 42
දුරින් madolsima වතුයායේ කොනක තියන තැනක් ගැන.

මෙතනට යනපාර ගැන කිව්වොත් බදුල්ලෙ ඉඳන් පස්සර පාරේ පස්සරට ගිහින් පස්සරින් හැරිලා මඩොල්සිම පාරෙ
මඩොල්සිමට ගිහින් එතනිනුත් හැරිලා පිටමාරුවට යන පාරේ සෑහෙන්න දුර (කිලොමීටර් 20ක් විතර )යන්න ඕන.
මඩොල්සිම ඉඳන් නම් පාරක් නෑ කිව්වත් හරි මොකද තියන් පාර හොඳටම අබලන්.
ඉඳලා හිටලා තැනක තාර ටිකක් තියනවා.

අපිනම් ගියෙ බස් එකේ. පිටමාරුවට බදුල්ලෙ ඉඳන් දවසකට බස් 2 යනවා. අපි ගියේ උදේ 7.30ට විතර තියන බස් එකේ.
අපේ ගිය කට්ටිය.

පස්සර ඉඳන් ගොඩක් දුර යනකන් නමුණුකුල කඳු වැටිය හොඳට පේනවා.
 නමුණුකුල කඳු පන්තිය


මේ හරියෙ දිගටම තියෙන්නෙ තේ වතු හා වතු ජනාවාස. සිංහල ගම් නම්  හම්බෙනවා අඩුයි.
මගදි දකින්න පුලුවන් madolsima වතුයායේ  අයිති කාබනික තේ වගාවකුත්.
කාබනික ගොවිතැන ගැන අහල තිබුනට කාබනික තේ වගාව ගැන අහල තියනවද ?
විශේෂත්වය තමයි මේකට යොදන්නෙ තනිකරම කාබනික පොහොර වගේම වල් පැල ඉවත්කිරීමකුත් සිදුවෙන්නෙ නෑ.
මමත් මේක ගැන හරියට දන්නෙ නෑ හැබැයි ඔයගොල්ලන්ට ලංකාවෙදි නම කාබනික තේ මිලදීගන්න ලැබෙන්නෙ නෑ මොකද
මේවා සම්පූර්ණයෙන් අපනයනයට තමයි නිපදවන්නෙ.

 කාබනික තේ වගාව

ආ.. මගදි දකින්න පුලුවන් තව විශේෂ දෙයක් තියනවා ඒ තමයි  DS ගල.මේක දිහා ඈත ඉඳන් බැලුවහම
පේන්නෙ D.S.සේනානායක මහතා වගෙයි. මූන රැවුල නහය ගොඩක් ඒවගේම තියනව.


DS ගල.චායාරූපය ගත්තෙ බස් එකේ යනගමන්.

බස් එකෙන් බැහැලා කිලොමීටරයක් විතර දුර පයින් යන්න ඕනා.මේ හරියෙ යද්දි පරිසරය හැමතිස්සෙම වෙනස් වෙනවා.
අපි යද්දි තද මීදුමක් තිබුනා ටික වෙලාවකින් තදට පායන්න ගත්තා.හිමිහිට හිමිහිට පයින් යද්දි ඔන්න අපේ ගමනාන්තයට ලඟා උනා.



මෙතනින් ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ තියනවා තද හෙලක් මීටර් 300ක් විතර යටට තියන.
එතන පලල ගල් දෙබොක්කාවක් වගේ තැනක්.හරියට හුම්මනය වගේ යට ඉඳන් එන මීදුම දෙපැත්තෙ ගල් දෙකේ  වැදිලා වේගයෙන් උඩට එනවා.
හිටගෙන එතනින් පහල බලන්න බෑ.බිම දිගාවෙලා තමයි බලන්න ඕනා.





එතනිනුත් තව ටිකක් ඉස්සරහට යද්දි තමයි පුංචි ලෝකාන්තය හමබවෙන්නෙ.
මෙතන බිම හදල තියනවා වටේට තියන පලාත් පෙන්වන බෝඩ් එකක්.



වටේට මහනුවර,මහියංගනය,බිබිල,අම්පාර,මඩකලපුව,මොනරාගල,පස්සර, බදුල්ල ආදී ප්‍රදේශ තියන බව සඳහන් උනත් හරියට පේන්නෙනෑ.
ඈත වැවක්නම් පේනවා සේනානායක සමුද්‍රය පේනබව තිබුනත් හරියම මොකද්ද කියන්න බෑ.




තව පොඩි කඳු ගැටයක් තියනවා ටිකක් එහායින්.



අපි එතනටත් නැගලා ටිකක් වෙලා ඉඳලා ආපහු පහලට බැස්සා.මොකද එක බස් එකයි තියෙන්නෙ ආපහු යන්න.
ඒක 1.30ට විතර කලින් බැහැපු තැනට එනවා.අපි පහලට ඇවිත් ගිය බස් එකේම ආපහු ආවා.

මේක බොහොම සුන්දර මතක සටහනක් තමයි මටනම්.
ඒ මතකය හැමෝම එක්ක බෙදා හදා ගන්න තමයි මේ සටහන ලිව්වේ.
අන්තිමට කියන්න තියෙන්නෙ මේ වගේ තැනකට ඔයගොල්ලොත් යනවනම්
එක දෙයක් විතරක් තියලා එක දෙයක් විතරක් අරන් එන්න.
ඒ පියසටහන් පමනක් ඉතුරුකරලා චායාරූප එහෙම නැත්නම් සුන්දර මතකය විතරක් අරන් එන්න.........
Thursday, March 4, 2010 | By: මියුරංග

පින්න මල්

නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලඟට පාව ඇවිත්......
පින්නන පිපෙන රෑ යමේ එන්නදෝ සොයා...
පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා....

පින්න මල සම්බන්ද සිංදු ගැන නෙමේ අද ලියන්න හදන්නේ ඒත් මෙ සිංදු ටික මතක් උනේ පින්න මල් දැකලා.
ඉතින් පින්න මල දැකල නැති අයට බලාගන්නත් එක්ක දැකපු පින්න මල්වල පිංතූර කිහිපයක් දාන්න හිතුනා.