Monday, December 21, 2009 | By: මියුරංග

මගේ ear phone කථාව

E-Bay


ඔන්න මමත් e-bay එකෙන් පළවෙනි වතාවට පොඩි බඩුවක් ගත්තා.පොඩි බඩුවක් කිව්වෙ පොඩි ear phone එකක්. e-bay එකේ කරක් ගහල බඩුවල ගනන් බලලා තිබ්බට කවදවත් මුකුත් අරගෙන තිබ්බෙ නෑ. මෙකට ඉතින් හේතුව උනේ ගන්න ක්‍රමයක්, ක්‍රෙඩිට්කාඩ් එක්ක තිබ්බ නැති එක. නමුත් ලඟදි අපේ යාලුවෙක් සම්පත් බැංකුවෙ WEB කාඩ් එකක් අරන් තිබ්බා. ඔහුගේ උදව්වෙන් ඉතින් මමත් මේ ear phone එක ඔඩර් කලා දවස් 6න් ගෙදරට ආවා.

මෙ තියෙන්නෙ ear phone එක.




මෙකෙ ගාන උනේ රුපියල් 172ක්. (දුප්පත් මගේ සාක්කුවට හරියන ගානට ) සද්දෙනම් හොඳයි. මොනා උනත් මට හිතෙනව ගත්ත ගානට වටිනව කියල. හෙඩ් ෆෝන් එකක් නොගත්තෙ මගෙ ලැප් ටොප් බෑග් එකේ ඉඩ නැති හින්ඳා.


පිටකොටුව


මෙච්චර කල් මං ලඟ තිබ්බෙ පිටකොටුවෙ පේමන්ට් එකන්, හරියටම කියනවනම් ස්ටේෂන් එක ඉස්සරහ තියන පාර මාරුවෙන්න තියන ගුවන් පාලම ලඟින් රුපියල් 20කට ගත්ත ear phone එකක්.



මේ තියෙන්නෙ ඒක. ඇත්තටම රුපියල් 20යි.


මේකෙ සද්දෙ ඉතින් ටිකක් අඩුයි. එත් හොඳට ඇහෙනව. මම ear phone එක ගොඩක පාවිච්චි කරන්නෙ ෆිල්ම් එකක් බලන්න. අපි ඉතින් බලන්න ගොඩක් .avi, .rmvb, .mkv ෆෝමැට් ෆිල්ම් හින්දා රුපියල් 20ස්සෙ එකත් ඇති.


ඔන්න ඕක තමයි මගෙ ear phone කථාව. මේක කාටවත් වැඩක් නැති කථවක් කියල මම දන්නව, ඒත් මට හිතුන හින්ද මම ලිව්වා. තේරුමක් නැති මගේ ear phone කථාව අවසානයි. කියවූ ඔබ සැමට ස්තූතියි.....


කාටවත් තව මුකුත් කියන්න තියනවද ....?

12 ක් අදහස්:

Anonymous said...

මාත් ඉස්සර ඔහොම තමයි.
මම රුපියල් 10කට දචසක්දා ඔරලෝසුවක් ගත්තා.. ඒකතමා මම Uni. Life එක ඉවර වෙනකල්ම පාවිච්චි කරේ. මම ඒ ඔරලෝසුවට තාම ආදරෙයි.. මොකද ඒක ඇතුලේ මගේ ගොඩාක් මතක සටහන් තියෙන නිසා. ඒත් දැන් නම් ඒක කොහේද දන්නෙත් නෑ...

මල්ලී මේකේ Word Verification අයින් කරපියෝ...

සහන් සටහන් said...

කව්ද බං තේරුමක් නෑ කිව්වේ...... මාත් මේ ඊ-බොක්කේ රවුම් ගැහුවත් ගන්න කෝ කාඩ් එකක්, උඹට වගේ පිහිටට යාලුවෙක්වත් නෑ අඩු ත‍රමේ උන්ට ID කාඩ් එකක්වත් නෑ ;)
(මචෝ මේ කමෙන්ට් දානකොට word verification එක නම් මහ ඇනයක්)

Indranama said...

මමත් ඊයෙ Sony in-ear එකක් (ඔරිජිනල් නෙමේ, චයිනීස් තමා) එකක් ගත්තා රු 500ට. තාම ආවෙ නං නෑ.

ඕක 172ට නං වටිනවා. ඔය වගේ එකක් මෙහේ 300-400ක් විතර වෙනවා.

Thameera said...

ෂැහ් ඒ ගාණට වටිනවනෙ. මටත් මේ කාඩ් එකක් නැති පුරස්නෙ තමයි තියෙන්නෙ, ගෙන්න ගන්න නම් ගොඩක් බඩු තියෙනවා :)

මේ word verification අයින් කළොත් හොඳ නැද්ද?

Kanishka said...

මාත් ගෙන්නුව නොකිය n80ක ඹරිජිනල් හවුසින් එකක්. තාම ආවෙ නම් නෑ.. එයි ලඟදිම..

Sasika Nanayakkara said...

මචෝ ඔය ඊබේ එකෙන් අපේ කෙඩිට් කාඩ් එකෙන් බඩු ගන්න එක ෂුවර්ද?

Gayan Tharaka said...

කාඩ් නැත්නම් සම්පත් වෙබ් කාඩ් ගන්න. ඒකෙන් ගෙවන්න පුලුවන්.
හැබයි මාත් තාම හදාගත්තෙ නෑ. බැංකුවට යන්නත් වෙලාවක් එපැයි :)

මලේ මේ ඉංගිරස් අකුරු ගහන්න තියෙන කෑල්ල අයින් කරපියෝ. සිංහල කමෙන්ට් දානකොට කරදරයි
(word verification)

malee_msg said...

වෙබ් කාඩ් එකක් ගැන මාත් හිතලා බැලුවා නම් හොදයි වගේ..

Gayan Tharaka said...

@malee_msg
ඒක තමයි ලේසිම ක්‍රමේ..

Chinthaka said...

172ta gaththane.

ethakota shipping

මියුරංග said...

කමෙන්ට් දාපු හැමෝටම thankz වේවා.
ඔන්න මම Word Verification අයින් කෙරුවෝ.
මේක free shiping.

Dhananjaya Marasinghe said...

මේක ලීවේ කොයි කාලෙද මචං රුපියල් 20 :O මාරයි :O