Friday, January 22, 2010 | By: මියුරංග

පොඩි නිවාඩුවක්


අපේ exam එක අද ඉවර උනා. ඉතින් පොඩි නිවඩුවක් ලැබුනා. දැන ඉතින් බ්ලොග් ලියන්න පුලුවන්.හෙට මම ගෙදර යනව.මාසෙකට විතර පස්සෙ ගෙදර යන්නේ. ගිහින් හොඳට කන්න ඕනේ.


හි.හි.හික්........
Monday, January 4, 2010 | By: මියුරංග

මීදුමෙන් වැසී...

මේ දවස්වල බදුල්ලට වැස්ස හැමදාම. නොවැම්බර් අග ඉඳන් තාමත් මීදුම තියනව. අපේ කැම්පස් එක තියෙන්න බදුල්ල නගරයෙන් ටිකක් ඉහල කන්දක. ඉතින් ටිකක් (සමහර වෙලාවට ගොඩක් ) සීතලයි. ඉතින් මෙ වැස්ස මීදුම වෙලාවෙ ගත්ත චායාරූප කිහිපයක් තමයි මේ..

මේ චායාරූප වල අවට සුදු පාටට පේන්නෙ මීදුම.සමහර වෙලවට මුලු කැම්පස් එකම මීදුමෙන් වැහිල යනව.







Saturday, January 2, 2010 | By: මියුරංග

බ්ලොග් එකට hit counter එකක් එකතු කරගමු.

ඇත්තටම මම වගේ ආධුනික බිලොග් ලියන්නෙකුට හරි බ්ලොග් එකක් පටන්ගන්න යන කෙනෙකුට හරි hit counter එකක් හදගන්න පුලුවන් ලේසි විදිහක් තමයි කියන්න යන්නේ. තමන්ගෙ බ්ලොග් බලපු ගණන දැනගන්න පුලුවන් විදිහක තමයි මේක.
හැබැයි මම කියන්න යන්නේ blogger වලදි මෙක යොදාගන්න අන්දමයි.
මේකට අන්තර් ජාලයේ සොයා බැලුවානම් ගොඩක් ක්‍රම සොයගන්න පුලුවන්. මම කියන්න යන්නේ එවගේ ඒක ලේසි ක්‍රමයක් තමයි.

මම ගත්තේ මෙන්න මෙතනින් නොමිලේ දෙන hit counter එකක්.

මේ වෙබ් අඩවියට ගියාට පස්සේ තමන්ට කැමති ආකරයේ hit counters තොරගන්න තියනවා.


ඒ වගෙන් තමන්ට කැමති එකක් තොරගන්න.


ඊට පස්සෙ තමන්ගෙ අවශ්‍යය ආකාරයට මේක සකස ගන්න.
දැන්යටින්ම තියන create my hit counter කියන එක ක්ලික් කරන්න.

දැන් ඔබගේ hit counter එක සෑදිලා ඉවරයි. දැන් මේ තියන HTML code එක කොපි කරගන්න.

දැන් ඔබේ බ්ලොග් අඩවියෙ customize එකට යන්න.
එතනින් අලුත් gadget එකක් ඇඩ් කරන්න.

දැන් කියන එක තොරාගන්න.


දැන් එතනට කලින් කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න.

දැන් හරි .
මෙන්න මම හදපු එක

මම දැන් කිව්වෙ ඉතාම සරල විදිහට hit counter එකක් සාදාගන්නා අන්දමයි. ඔබට php/htlm/java script වෙබ් බාසාවන් ගැන දැනීමක් තියනවනම් ඔබේම එකක් සාදාගන්නත් පුලුවන්....

අලුත් අවුරුද්දේ...


2010 අවුරුද්දට තබන පලමු බ්ලොග් සටහන තමයි මේ. දවස් 4ක් විතර පහුවුනත් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාග පැවැත්වෙනව. ඉතින් බ්ලොග් එකක් ලියන්න තියා කියවන්නවත් වෙලවක් නෑ.
ඒ කොහොම උනත් ලැබුනු පොඩි විවෙකයකින් තමයි මේ සටහන තබන්න හිතුනේ.
බ්ලොග් එකක් ලියන්න ගොඩක් කල් ඉඳන් ආසාවක් තිබ්බත් SBU දැකල තමයි මේක පටන් ගත්තේ.
ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නේ මේ 2010 අවුරුද්දේ සිංහල බ්ලොග්කරනයට තවත් අය එක්වේවා හා සිංහල Unicode භාවිතය මෙන්ම සිංහලෙන් තියන වෙබ් පිටු ගණන තවත් වැඩිවේවා යන්නයි...

ඉතින් මේ අවුරුද්ද සියලු දෙනාටම සාර්ථක වසරක් වේවා...!