Monday, December 14, 2009 | By: මියුරංග

දේශපාලනය හා ක්‍රිකට් ක්‍රීඩාව අතර වෙනස්කම්


මේ බ්ලොග් සටහන ලියනුයේ දේශපාලනය ගැන කථාකිරීමට නොව මේ දිනවල නිතර ක්‍රිකට් ක්‍රිඩාව හා දේශපාලනය සමාන කරමින් කට්ටිය කථා කියන බැවිණි. . පසුගිය දිනක
ස්වර්ණවාහිනීයේ live @ 8 මේ දෙකෙහි සමානකම් ගැන කථා කල නිසා මට වෙනස්කම් සොයන්නට සිත් විය.

වෙනස්කම්

1. ක්‍රිකට් ක්‍රිඩාවේදී පරාජයට පත්වූ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ජයග්‍රනය කල කණ්ඩයමට එකතු විය නොහැක.
නමුත් දේශපාලනයේදී පරජය වූ කණ්ඩායමේ සියලුම දෙනාට උවද ජයග්‍රනය කල කණ්ඩායමට එකතු විය හැක.

2. ක්‍රිකට් ක්‍රිඩාවේදී චියර් කරන්නට පැමිණෙන්නන් මුදල් ගෙවා ටිකට් පතක් මිලදී ගත යුතුය.
නමුත් දේශපාලනයේදී චියර් කරන්නට පැමිණෙන්නන් හට මුදල් ලබාදෙන අතර කෑමද ලැබේ.

3. දේශපාලනයේදී නිපන්දු(හොර ඡන්ද ) යෑවීමෙන් කැප්ටන් ගෙන් ප්‍රශංසා ලැබේ.
නමුත් ක්‍රිකට් ක්‍රිඩාවේදී නිපන්දු යෑවීමෙන් කැප්ටන් ගෙන් බැනුම් ඇසීමට සිදුවේ.

4. දේශපාලනයේදී වේගයෙන් කෑගසන්නන් අවසානයේදී වේදිකවට ගොඩවෙන අතර
නමුත් ක්‍රිකට් ක්‍රිඩාවේදී වේගයෙන් පන්දුවට පහරදෙන්නන් මුලින්ම පිටියට පැමිනේ.

5. ක්‍රිකට් ක්‍රිඩාවේදී කන්ඩායම තොරගන්නේ නායකයා, කළමනාකරු හා පුහුණුකරු එකතුවෙනි.
නමුත් දේශපාලනයෙදී කැප්ටන් අවශ්‍යය කණ්ඩයම තෝරාගනී.

මේ වෙනස්කම් මට හිතෙන පරිදිය.මීට වඩා හොඳ වෙනස්කම් තිබිය හැක.

0 ක් අදහස්: