Monday, September 27, 2010 | By: මියුරංග

කාලෙකින්...

මාසෙකින් විතර මොකක් හරි ලියන්න ගත්තේ. ලියන්න ආසවෙන් උන්නත ලියයුනේ නෑ. කම්මැලිකමද වෙලාවක් නැති කමද මන් දන්නෙ නෑ.
මොනද දැන් ලියන්නේ.. මේ දවස් ටිකෙනම් බදුල්ලට වැස්ස මීදුමත් තියනවා.ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් ලැබුවා.. මගේ වගේම මගේ යාලුවන්ගෙනුත්....

ලියන්න දේවල් හිතෙන්නෙ නැති එකේ සිංදුවක් වත් ලියනව.
මේක මම ආස සිංදුවක්... අමරසිරි පීරිස්ගේ ආසම සිංදුවලින් එකක්

හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න....

අදුරු වලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දෑනෙන්න.....

ලතා මඩුලු අත වනාවී
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න.....

හන්තානට පායන හද...



youtube link
http://www.youtube.com/watch?v=_LdAQYN6ZS8


තව පොඩි පොඩි වැඩ වගයක් කරගෙන යනවා. ඒව ගැන හිමීට කියන්නම්කෝ.







Monday, August 16, 2010 | By: මියුරංග

තරු වලට වඩා ඔබේ වීරත්වය අපිට ආඩම්බරයකි.

තරු දුන්නේ උන්ය.
ඒ ඔබ ඉල්ලූ නිසානම් නොවන බව අපි දනිමු.
ඉතින් ඒ තරු උන්ම ගත්තාවේ. සමහර විට ඒවට උන් ගොඩක් ආසා ඇති. ඒ ඔබේ කරමත පැලඳිනිසාය.
ඔබ මව් බිමට ණය නැති පුතෙකි. සතලිස් වසරක් තම රට වෙනුවෙන් ලේ දහඩිය හෙලූ ඔබගේ වීරත්වය තරු වලින් මැනිය හැක්කක් නොවේ.
සදාකල් ඔබ මගේ හදවතේ වීරයෙකි.

“මිනිසෙකු විනාශ කළ හැකිය. එහෙත් ඔහු පරාජය කළ නොහැකිය”
Thursday, August 5, 2010 | By: මියුරංග

මෙ දවස්වල TV එකෙ හැමදාම යන ටෙලිනාට්‍ය වල අගමුල තේරෙන කෙනෙක් ඉන්නවද..?


සෑහෙන කාලෙකින්නෙ ගෙදර ආවේ. එක හින්ඳා ගෙදරම තමයි ඉන්න කල්පනාව.
ඉතින් මේ ගැටලුව ඇති උනේ හවස TV බලන්න ගත්තට පස්සෙ තමයි.
නිවුස් හා මැච් එකක් ඇරෙන්න කැම්පස් එකේ ඉද්දි TV බැලෙන්නෙ නැතිතරම්.
මට තියන ලොකුම ගැටලුව තමයි මේ නාට්‍ය වල අගමුල  පිලිවෙල තෝරගන්න එක. මම බලන්නෙනම් නෑ. හැබැයි බැලෙනව මොකද සමහර වෙලාවට බලන්න වෙනමුකුත් නෑනේ.
හවස 7 ඉඳන් රෑ 10 වෙනකන් අයිටීඑන්, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ,
හැම එකේම එකම බ්ලොක් එකේ නාට්‍ය සෙට් එකක් යන්නෙ.
හැම එකටම තියෙන්නෙ ගෑනු ලමයින්ගෙ නම්. ටික වෙලාවක් බලද්දි තේරෙනවා නට්‍යය එක තැන කැරකැවෙනවා කියලා.
හැම එකේම කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා එක්කො දෙන්නගෙ ගෙවල් වලින් ප්‍රශ්න නැත්නම් තව මොකක් හරි අප්සෙට් එකක්. හැමදාම  ගියත් හැමදාමත් තියෙන්නෙ එකම දේ.
ඔක්කොම ගොන් දෙපැය වගේ.
ALවලින් පස්සෙ කැම්පස් යාමත් එක්ක නාට්‍ය විතරක් නෙමෙ ට්ව් බලන එකත් සෑහෙන්න නැවතුනා.
නාට්‍ය බලන එකනම් සම්පූර්නයෙන්ම නැවතුනා. ඒකනම් ගොඩක් සතුටු වෙන්න පුලුවන් කාරනයක් කියල හිතෙනවා.
අන්තිමට දිගටම බැලුවෙ ඉසුරු යෝගය, එකනම් එකපාරක් නෙමේ දහ පාරක් උනත් ආපහු බලන්න ආසයි.
එහෙම බලන්න පුලුවන්
අකාල සන්ධ්‍යා
දඬුබස්නාමානය
ඉංගංමාරුව
දිය කැට පහන
සකිසඳ එලියස්
එතුමා
තව එව තියනව දැන් එකපාරටම නම මතක් වෙන්නෑ.
මටනම් මේවගේ අගමුල ගලපගන්න ඔනේ නෑ. ඒත් ඔය හැම එකම බලන අයට මේවා තෙරෙනවද දන්නෑ..
Thursday, May 20, 2010 | By: මියුරංග

වසරක් පසු කළෙමි..


ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.
ඉතින්  මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.
මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.

මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.
අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ඉස්සරහට පුලුවන් තරම් ලියන්න උත්සාහ කරනවා...

මේ දවස්වල අසනීපවෙලා ඇඳේම තමයි හිටියේ. අද තමයි ටිකක් හරි නැගිටලා ඉන්නේ.

හැමෝටම ජයෙන් ජයම වේවා..!
Monday, May 10, 2010 | By: මියුරංග

ලොකුම ඩිජිටල් ඡායාරූපය..

අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. .
මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප  ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ.
ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ.
කැමරා කිහිපයකින් ස්වයංක්‍රීයව හරි ගොඩක් අය එකතුවෙලා හරි ගත්ත ඡායාරූප ගොඩක් එකතු කරල තමයි මේක හදන්නේ.
ගිගා පික්සල් ඡායාරූප ගැන මෙතනින් දැනගන්න.

මාතෘකාවට ආවොත් මේ තියෙන්නෙ මම කියන ඡායාරූපය. ඩුබායි නගරයේ ඡායාරූපයක්. මේක ගිගා පික්සල් 45ක් .


හොඳට zoom කරලා බලන්න ඔනෙනම්.

තව ටික කාලයක් යද්දි මීට වඩා ලොකු ඡායාරූප තියෙයි..

තව ගිගා පික්සල් චායාරූප බලන්න ඕනෙනම්....
Thursday, April 22, 2010 | By: මියුරංග

National Geographic best pictures of the year

මට ආපු ඊ මේල් එකකින් තමයි උපුටා ගත්තේ. කට්ටිය එක්ක බෙදා හදා ගන්න ඕන කියල හිතුන හින්දා..

මෙ.. මෙ...  මම ඔයාට මල් කිනිත්තක් ගෙනාවා....

මේ එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ......

රටා රටා රූ රටා...

චව්ව්ව්ව්.................

ඉර බැස යන හැන්දෑවක ඔයත් එක්ක ගං තෙර සිඳ මුමුනන්නට පෙම් වදනක්...

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්  මා........

සීතලයි නේද මෙයා...

මේ මැස්සෙක් මගෙ නහයේ වහලා...

ඔන්න මමත් පැන්නා .. ඇමති කමක් හම්බෙයි නේද..?

කට්ටිය නෑගම් යන්වද..?

දිගට දිගේ ආදරය....

සීමාවක් නැති ආදරේ අහස තරම්...

හුරේ ..!!! ජය වේවා  ......!!!!

මගේ චීටා දරුවෝ ටික...
Wednesday, April 21, 2010 | By: මියුරංග

Opportunity Cost


සියළු තීරණ ගැනීම්
පිටුපස ආවස්ථික පිරිවැයක්
ඇති නමුත්,
ආදරය පිටුපස
ආවස්ථික පිරිවැයක් නොමැති
වන්නේ,
එය නොමිල භාණ්ඩයක්
වන නිසා නොව,
ආදරයකට ඒ ආදරය හැර
වෙන කිසිදු විකල්පයක්
නොමැති නිසාවෙන්.............!

ප්‍රදීප් සත්සර.

 ප.ලි.

ප්‍රදීප් සත්සර හා ගිහාන් සසංක යනු අපේ හොස්ටල් එකේ ඉන්න එකේ මගෙ මිතුරන් දෙදෙනෙකි.
මචං අපිට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ,
ඒක හින්දා උඹ කැමතිනම් ලියපු කවි වගයක් තියනව උඹේ බ්ලොග් එකේ දාපන් කියා මගෙන් ඉල්ලීමක් කලා.
ඉතින් මමත් තීරනය කලා මගේ සිතුවිලි වලින් මගේ මිතුරන්ගේ සිතිවිලි වලටත් ඉඩ ලබා දීමට.....
Wednesday, March 31, 2010 | By: මියුරංග

-වෙනස-




පෙම් බඳින තුරු හදේ
හිත නාපු කවි වදන්
විරහවේ කඳුලු ලඟ
ගලා එන අපූරුව........!


ගිහාන් සසoක දසනායක

Friday, March 26, 2010 | By: මියුරංග

උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක්...

කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්‍රැෆික් නිර්මාන කරන අයට තමයි ...
ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..

1.) Joomla Template Builder

 ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..

2.) java script photo slide shows

ජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.

3.) Adobe Photoshop plugins Free.. 

 
සෑහෙන්න ප්ලගින්ස් තියනවා. නිකන් දෙන ඒවා.



අපූරු වැඩ ටිකක්. demo එකකුත් තියන්වා. ඔක්කොම සෝස් ෆයිල්ස් ටිකත් දෙනවා.



හොඳ brush ටිකක්.  brush විතරක් නෙමේ තවත්  vectors, tutorials වගේ දේවලුත් තියනවා.



මෙතන Free Flash Templates විතරක් නෙමේ Flash Web Gallery හා Free CSS Templates වගේ දේවලුත් තියනවා. 

Premium textures කියන වචන දෙකට වෙබ් අඩවි දෙකක් ලින්ක් කරල තියෙන්නේ. දෙකේම හොඳ textures නිකන් දෙනවා.

8.) Logo Design Resources

Logo Design කරන අයට වගේම Logo Design ගැන දැනගන්න ඕන අයටත් එක්ක.

9.)  For Graphic lovers

කියල වැඩක් නෑ. එලකිරි තැනක්. ගොඩක් දේවල් තියනවා ග්‍රැෆික් ඩිසයින් කරන අයට.  ගොඩක් දේවල් නිකන් බාගන්න පුලුවන්.

10.) Good Photoshop tutorials

ආධුනික කෙනෙකුට හොඳ tutorials ටිකක්.


 අදට ඇති වගේ ආයිත් දවසක මෙහෙම ටිකක් දාන්නම්කෝ...