Friday, January 22, 2010 | By: මියුරංග

පොඩි නිවාඩුවක්


අපේ exam එක අද ඉවර උනා. ඉතින් පොඩි නිවඩුවක් ලැබුනා. දැන ඉතින් බ්ලොග් ලියන්න පුලුවන්.හෙට මම ගෙදර යනව.මාසෙකට විතර පස්සෙ ගෙදර යන්නේ. ගිහින් හොඳට කන්න ඕනේ.


හි.හි.හික්........
Monday, January 4, 2010 | By: මියුරංග

මීදුමෙන් වැසී...

මේ දවස්වල බදුල්ලට වැස්ස හැමදාම. නොවැම්බර් අග ඉඳන් තාමත් මීදුම තියනව. අපේ කැම්පස් එක තියෙන්න බදුල්ල නගරයෙන් ටිකක් ඉහල කන්දක. ඉතින් ටිකක් (සමහර වෙලාවට ගොඩක් ) සීතලයි. ඉතින් මෙ වැස්ස මීදුම වෙලාවෙ ගත්ත චායාරූප කිහිපයක් තමයි මේ..

මේ චායාරූප වල අවට සුදු පාටට පේන්නෙ මීදුම.සමහර වෙලවට මුලු කැම්පස් එකම මීදුමෙන් වැහිල යනව.







Saturday, January 2, 2010 | By: මියුරංග

බ්ලොග් එකට hit counter එකක් එකතු කරගමු.

ඇත්තටම මම වගේ ආධුනික බිලොග් ලියන්නෙකුට හරි බ්ලොග් එකක් පටන්ගන්න යන කෙනෙකුට හරි hit counter එකක් හදගන්න පුලුවන් ලේසි විදිහක් තමයි කියන්න යන්නේ. තමන්ගෙ බ්ලොග් බලපු ගණන දැනගන්න පුලුවන් විදිහක තමයි මේක.
හැබැයි මම කියන්න යන්නේ blogger වලදි මෙක යොදාගන්න අන්දමයි.
මේකට අන්තර් ජාලයේ සොයා බැලුවානම් ගොඩක් ක්‍රම සොයගන්න පුලුවන්. මම කියන්න යන්නේ එවගේ ඒක ලේසි ක්‍රමයක් තමයි.

මම ගත්තේ මෙන්න මෙතනින් නොමිලේ දෙන hit counter එකක්.

මේ වෙබ් අඩවියට ගියාට පස්සේ තමන්ට කැමති ආකරයේ hit counters තොරගන්න තියනවා.


ඒ වගෙන් තමන්ට කැමති එකක් තොරගන්න.


ඊට පස්සෙ තමන්ගෙ අවශ්‍යය ආකාරයට මේක සකස ගන්න.
දැන්යටින්ම තියන create my hit counter කියන එක ක්ලික් කරන්න.

දැන් ඔබගේ hit counter එක සෑදිලා ඉවරයි. දැන් මේ තියන HTML code එක කොපි කරගන්න.

දැන් ඔබේ බ්ලොග් අඩවියෙ customize එකට යන්න.
එතනින් අලුත් gadget එකක් ඇඩ් කරන්න.

දැන් කියන එක තොරාගන්න.


දැන් එතනට කලින් කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න.

දැන් හරි .
මෙන්න මම හදපු එක

මම දැන් කිව්වෙ ඉතාම සරල විදිහට hit counter එකක් සාදාගන්නා අන්දමයි. ඔබට php/htlm/java script වෙබ් බාසාවන් ගැන දැනීමක් තියනවනම් ඔබේම එකක් සාදාගන්නත් පුලුවන්....

අලුත් අවුරුද්දේ...


2010 අවුරුද්දට තබන පලමු බ්ලොග් සටහන තමයි මේ. දවස් 4ක් විතර පහුවුනත් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාග පැවැත්වෙනව. ඉතින් බ්ලොග් එකක් ලියන්න තියා කියවන්නවත් වෙලවක් නෑ.
ඒ කොහොම උනත් ලැබුනු පොඩි විවෙකයකින් තමයි මේ සටහන තබන්න හිතුනේ.
බ්ලොග් එකක් ලියන්න ගොඩක් කල් ඉඳන් ආසාවක් තිබ්බත් SBU දැකල තමයි මේක පටන් ගත්තේ.
ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නේ මේ 2010 අවුරුද්දේ සිංහල බ්ලොග්කරනයට තවත් අය එක්වේවා හා සිංහල Unicode භාවිතය මෙන්ම සිංහලෙන් තියන වෙබ් පිටු ගණන තවත් වැඩිවේවා යන්නයි...

ඉතින් මේ අවුරුද්ද සියලු දෙනාටම සාර්ථක වසරක් වේවා...!
Monday, December 21, 2009 | By: මියුරංග

මගේ ear phone කථාව

E-Bay


ඔන්න මමත් e-bay එකෙන් පළවෙනි වතාවට පොඩි බඩුවක් ගත්තා.පොඩි බඩුවක් කිව්වෙ පොඩි ear phone එකක්. e-bay එකේ කරක් ගහල බඩුවල ගනන් බලලා තිබ්බට කවදවත් මුකුත් අරගෙන තිබ්බෙ නෑ. මෙකට ඉතින් හේතුව උනේ ගන්න ක්‍රමයක්, ක්‍රෙඩිට්කාඩ් එක්ක තිබ්බ නැති එක. නමුත් ලඟදි අපේ යාලුවෙක් සම්පත් බැංකුවෙ WEB කාඩ් එකක් අරන් තිබ්බා. ඔහුගේ උදව්වෙන් ඉතින් මමත් මේ ear phone එක ඔඩර් කලා දවස් 6න් ගෙදරට ආවා.

මෙ තියෙන්නෙ ear phone එක.




මෙකෙ ගාන උනේ රුපියල් 172ක්. (දුප්පත් මගේ සාක්කුවට හරියන ගානට ) සද්දෙනම් හොඳයි. මොනා උනත් මට හිතෙනව ගත්ත ගානට වටිනව කියල. හෙඩ් ෆෝන් එකක් නොගත්තෙ මගෙ ලැප් ටොප් බෑග් එකේ ඉඩ නැති හින්ඳා.


පිටකොටුව


මෙච්චර කල් මං ලඟ තිබ්බෙ පිටකොටුවෙ පේමන්ට් එකන්, හරියටම කියනවනම් ස්ටේෂන් එක ඉස්සරහ තියන පාර මාරුවෙන්න තියන ගුවන් පාලම ලඟින් රුපියල් 20කට ගත්ත ear phone එකක්.



මේ තියෙන්නෙ ඒක. ඇත්තටම රුපියල් 20යි.


මේකෙ සද්දෙ ඉතින් ටිකක් අඩුයි. එත් හොඳට ඇහෙනව. මම ear phone එක ගොඩක පාවිච්චි කරන්නෙ ෆිල්ම් එකක් බලන්න. අපි ඉතින් බලන්න ගොඩක් .avi, .rmvb, .mkv ෆෝමැට් ෆිල්ම් හින්දා රුපියල් 20ස්සෙ එකත් ඇති.


ඔන්න ඕක තමයි මගෙ ear phone කථාව. මේක කාටවත් වැඩක් නැති කථවක් කියල මම දන්නව, ඒත් මට හිතුන හින්ද මම ලිව්වා. තේරුමක් නැති මගේ ear phone කථාව අවසානයි. කියවූ ඔබ සැමට ස්තූතියි.....


කාටවත් තව මුකුත් කියන්න තියනවද ....?
Monday, December 14, 2009 | By: මියුරංග

දේශපාලනය හා ක්‍රිකට් ක්‍රීඩාව අතර වෙනස්කම්


මේ බ්ලොග් සටහන ලියනුයේ දේශපාලනය ගැන කථාකිරීමට නොව මේ දිනවල නිතර ක්‍රිකට් ක්‍රිඩාව හා දේශපාලනය සමාන කරමින් කට්ටිය කථා කියන බැවිණි. . පසුගිය දිනක
ස්වර්ණවාහිනීයේ live @ 8 මේ දෙකෙහි සමානකම් ගැන කථා කල නිසා මට වෙනස්කම් සොයන්නට සිත් විය.

වෙනස්කම්

1. ක්‍රිකට් ක්‍රිඩාවේදී පරාජයට පත්වූ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ජයග්‍රනය කල කණ්ඩයමට එකතු විය නොහැක.
නමුත් දේශපාලනයේදී පරජය වූ කණ්ඩායමේ සියලුම දෙනාට උවද ජයග්‍රනය කල කණ්ඩායමට එකතු විය හැක.

2. ක්‍රිකට් ක්‍රිඩාවේදී චියර් කරන්නට පැමිණෙන්නන් මුදල් ගෙවා ටිකට් පතක් මිලදී ගත යුතුය.
නමුත් දේශපාලනයේදී චියර් කරන්නට පැමිණෙන්නන් හට මුදල් ලබාදෙන අතර කෑමද ලැබේ.

3. දේශපාලනයේදී නිපන්දු(හොර ඡන්ද ) යෑවීමෙන් කැප්ටන් ගෙන් ප්‍රශංසා ලැබේ.
නමුත් ක්‍රිකට් ක්‍රිඩාවේදී නිපන්දු යෑවීමෙන් කැප්ටන් ගෙන් බැනුම් ඇසීමට සිදුවේ.

4. දේශපාලනයේදී වේගයෙන් කෑගසන්නන් අවසානයේදී වේදිකවට ගොඩවෙන අතර
නමුත් ක්‍රිකට් ක්‍රිඩාවේදී වේගයෙන් පන්දුවට පහරදෙන්නන් මුලින්ම පිටියට පැමිනේ.

5. ක්‍රිකට් ක්‍රිඩාවේදී කන්ඩායම තොරගන්නේ නායකයා, කළමනාකරු හා පුහුණුකරු එකතුවෙනි.
නමුත් දේශපාලනයෙදී කැප්ටන් අවශ්‍යය කණ්ඩයම තෝරාගනී.

මේ වෙනස්කම් මට හිතෙන පරිදිය.මීට වඩා හොඳ වෙනස්කම් තිබිය හැක.
Monday, December 7, 2009 | By: මියුරංග

හැන්දෑව එක්ක


මේකත් හැන්දෑ වරුවක ඉර බහින දර්ශනයක තමයි. මේ චයාරූප මම අරගත්තෙ අපේ කැම්පස් එකේ ඉඳන්.ඈත පේනා කඳු වැටියට ඔබ්බෙන් ඉර බැහැගෙන යන වෙලවක තමයි ගත්තේ.


මේ ඉන්නෙ මම.
Thursday, November 19, 2009 | By: මියුරංග

CS 4 extended තාම හම්බුනේ නැත්නම්


මෙන්න බාගන්න . දන්න අයටයි, නොදන්න අයටයි, ඉගෙනගන්න කැමති අයටයි හැමෝටම.
hotfile තමයි දෙන්න

http://hotfile.com/dl/16992684/7c828cb/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part1.rar.html
http://hotfile.com/dl/16992870/fc4ef1f/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part2.rar.html
http://hotfile.com/dl/16993117/d817359/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part3.rar.html
http://hotfile.com/dl/16993327/6b2732e/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part4.rar.html
http://hotfile.com/dl/16993585/511a1fa/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part5.rar.html
http://hotfile.com/dl/16993751/a85cacb/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part6.rar.html

මතක් කරල ඔක්කොම බාගන්න. කෑලි 6ක් තියනව.

මෙන්න Keygen + Crack:
http://hotfile.com/dl/16993783/ce9c18a/idk4kc.Viper3773.www.theviperfiles.com.rar.html
www.theviperfiles.com
Sunday, November 15, 2009 | By: මියුරංග

දිඹුලගල හැන්දෑවක ඉර බහිනා ලස්සන...


දිඹුලගල , මහියංගනේ ඉඳන් පොලොන්නරුවට යනකොට ඈතට ලස්සනට පේන පුංචි කඳු ගැටය....





ආකාස චෛත්‍යය


ඉර බහිනා හැන්දෑව


ඈත ක්ෂිතිජයෙන් ඉර බැහැගෙන යන මේ වෙලවේ ඇත්තටම දිඹුලාගල හරි ලස්සනයි.