Monday, February 21, 2011 | By: මියුරංග

කිණිහිරියා මල්

කිණිහිරියා මල්  චිත්‍රපටිය ගැන නම් මේ මං කියන්න යන්නේ. ඇත්තම කිණිහිරියා මල් ගැන.
අපිට මේ දවස් වල විස්ස විද්‍යලේ අන්තිම විභාගේ. ඉතින් විභාගේට කලින් පංසල් යන්න ඕන කියල මුතියංගනේ පංසලට ගියා. එහෙදි තමා මමත් ඉස්සෙල්ලාම ඇත්තටම කිණිහිරියා මල් දැක්කේ.

මුතියංගනේ පංසලේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිලිම තැන්පත් කරල තියනවා උන් වහන්සේලා පිටදී බුදුබව ලැබූ බෝධීන් වහන්සෙලාත් රෝපනය කරල.
සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ පිටදී බුදබවට පත්වුනු කිණිහිරියා බෝධියේ මල් තමයි මේ තියෙන්නේ.







පිංතූර වල කොලිටිය නම් අඩු ඇති මොකද ඡායාරූප ගත්තේ නොකියා 3120 ෆොන් කැමරාවෙන්

Saturday, January 29, 2011 | By: මියුරංග

ප්‍රතික්ෂේප වුනු අපේක්ෂක ලයිස්තුවක හිටි හිටපු සභාපතිගේ දුක හිතෙන කතාව


නොදකිං විතරක්,
අට පාස් නැති
නීතිඥයොයි
පක්ෂ ලේකම් හින්දයි 

ගම නැඟුමෙන් ගම නඟල
මග නැඟුමෙන් මඟ නඟල
අඩි පාරත් කොන්ක්‍රීට් කරල
ගමේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳල

ප්‍රදේශය සමෘධිමත් කරල
ජනතාව නඟාසිටවල
දිලිඳුබව තුරන් කරල
සහනාධාර දීල

ආසියාවේ ඓචර්යය කරන්න හිටිය 
අපේ ප්‍රදේශීය සභාව
‍ලංකාවේ ඓචර්යය වත් කරන්නේ
කොහොමද දැන්....?


Friday, January 28, 2011 | By: මියුරංග

ගොඩ යන්ට

කොල පාට තීන්ත ගාපු
බෝඩිං කාමරේ මං විතරක් තනියම
අනිත් එකා ගෙදර ගිහිං
ස්ටඩි ලීව් එකේ පාඩං කරන්නං කියල හිටියට
කරන මගුලකුත් නෑ

එලියට යන්න විදිහකුත් නෑ
කොහවත් ඇවිදින්නත් බෑ
දවස පුරාම වැස්ස
අව්වක් වැටෙන්නෙත් නෑ
සීතලත් එක්ක

මොන මගුලක්ද ඕයි

මටත් කම්මැලියි
හිතුනොත් මාත් ගෙදර යනවා

ගෙදර ගියොත්
උඹ හොඳට කකා
ටිවී බල බල
රස්තියාදු ගහ ගහ සැපට ඉඳියි

එතකොට උඔ
විභාගෙට ලියන්නේ
අහවල් එකද....?

ඉගනගන්න කාලේ දුකක් තමා
ඒක රහයි කියල හිතාන වැඩ කරපං
උඹට ගොඩ යන්න පුලුවන්....!!!!!
Thursday, January 27, 2011 | By: මියුරංග

අපි නොදැන කරන සේවාවක්

ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න ගිහාම අපේ දත්ත සම්පුර්න කරල අවසන් කලාට පස්සේ
මෙන්න මේ විදිහට
අපබ්‍රංස විදිහට පෙන්නන වචන දෙකක් නියම ආකාරයට සඳහන් කරන්න කියල දක්වනවා. එහෙම කරන්නේ මේ ‍අදාල වෙබ් අඩවියේ රෙජිස්ටර් උනේ මනුෂ්‍යයෙක්ද කියල හරියටම දැනගන්නනේ. 
ඒ කියන්නේ අමනුස්සයොත් වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙනවද..?
ඒකට උත්තරේ ඔවු කියන්න පුලුවන්. හැබැයි මේ කියන අමනුස්සයෝ අපිදන්න හොල්මන් අවතාර නෙමේ.
ඒවා විවිධ පරිගනක වැඩසටහන්, ‍බොට් එකක් එහෙම නැත්නම් බොට්නෙට් කියල හඳුනවන අන්තර් ජාලයේ තිබෙන නරක හානිදායක වැඩසටහන් වලට පුලුවන් ඉබේම රෙජිස්ටර් වෙලා මේවා ස්පෑම් කරන්න.
ඉතින් ඒක වලක්වන්න තමයි මෙහෙම දෙයත් පාවිච්චි වෙන්නේ.

ඔය කියන කාරනේ ඇරෙන්න ඉතා වැදගත් සේවාවකුත් මේකෙන් සිදුවෙනවා. ඒක තමයි පරන පොත් පත්තර ආදිය පරිගනක ගත කරන එක. හැබෑට ඒක කොහොමද වෙන්නේ...?
මෙන්න මෙහෙමයි
දවසකට මිලියන දෙසීයක් විතර පුද්ගලයන් සංඛ්‍යවක් මේ ප්‍රේහේලිකාව විසඳනවා . එක්කෙනෙකුට මේ වැඩේට තත්පර 10ක් ගියත් දවසකට මිනිස් පැය 150,000 විතර වැයවෙනවා. ඒක නිසා ඔබ හරියට හඳුනාගන්නා මේ වචන ස්කෑන් කරපු පරිගනකයට නිවැරදිව හඳුනා ගැනීමට අපහසු වචන නිවරදිව හඳුනාගන්න උදව් වෙනවා.
මේ විදිහට පරන නිව්යෝක් ටයිම් පත්තරේ වගේම ගූගල් බුක් වල ඇති පරන ස්කෑන් කරපු පොත් නිවැරදිව
පරිගනක ගත කරන්න අපි උදවු වෙලා තියනවා.

මේ ගැන වැඩි විස්තර වගේම මේක වැඩකරන හැටි දැනගන්න මෙතෙන්ට යන්න.


Wednesday, January 26, 2011 | By: මියුරංග

බදුල්ලෙන් ඉර බහින හැටි

ඉර බහින හැටි ලස්සනට බලන්න ඔනේ නම් ඉතින් බටහිර වෙරල තීරයට යන්න ඕනනේ.  ඒතකොට ක්ෂිතිජයෙන් ලස්සනට ඉර බහින හැටි බලන්න  පුලුවන්.
ඒ වගේ නැතත් කඳු අතරින් ලස්සනට ඉර බැහැගෙන යනව බලන්නත් පුලුවන් බදුල්ලට ආවොත්.
ඒවගේ වෙලාවකට වලාකුලක් එතෙන්ට ආවහම මේවගේ ලස්සනට එලිය විහිදෙනවා.
මේ ඒවගේ වෙලාවක ගත්ත පින්තූර කීපයක්.








මේ ඡායාරූප වල කොලිටියනම් අඩු ඇති මොකද නොකියා 3110 හා නොකියා 3120 දුරකතන කැමරා වලින්
ගත්ත ඒව නිසා.


ඉර පායන එකත් මෙහෙම ලස්සනට පේනව ඇති ඒක් හැමදාම මම නැගිටිද්දි ඉර පායල ඉවරයිනේ.
ඒත් එක සැරයක්නම් උදේ පාන්දර බස් එකේ බදුල්ලෙ ඉඳන් පස්සර පැත්තට යද්දි දැක්කා මාරම ලස්සනට
මීදුම අතරින් ඉර පායනවා.

Tuesday, January 25, 2011 | By: මියුරංග

බ්ලොග් සතියට මගේ බස් කතාව



බස්කරුවන්ගේ මහා බ්ලොග් සතිය වෙනුවෙන් ලියවෙන දෙවනි බ්ලොග් සටහන පටන් ගන්නයි ඔන්න හදන්නේ.
ඇත්තටම මෙහෙම වැඩත් වත් පටන්ගත්තෙ නැත්නම් මමනම් මෙහෙම බ්ලොග් සටහන් 7ක් ලියන එකක් නෑ එකදිගට. ඒ හින්දා වැඩේ පටන්ගත්ත වැප්, මගේ මරණය ඇතුලු කස්ටියට ස්තූතිවන්ත වෙන්න ඕන.

හරි දැන් එමුකෝ මාතෘකාවට. සමහර අයටනම් තමන්ගේ වාහනයක යද්දි නින්ද ගියාට බස් වල යද්දිනම් නිනද යන්නේ නෑනේ.ඒකට තව සමයර අය නැග්ග වෙලේ ඉඳන් හිටගෙනත් එක්ක නිදි. හිටගෙන නිදාගත්තෙ නැතත් මටත්නම් බස්වල යද්දි දෙයියනේ කියල හොඳට නින්ද යනවා.
පොඩිකා‍ලේ ඉදන් හොස්ටල් එකේ හිටිය හින්ද මම ඉස්කොලෙ ගියෙනම් බස් එකේ නෙමේ. හැබැයි ඒ ලෙවල් කරද්දිනම් හොස්ටල් තිබ්බෙ නැති හින්ඳ ස්කූල් බස් එකේ තමා ගියේ. කෝක වෙතත් මම සාපේක්ෂව වැඩිපුර දුරගමන් යන බස්වල ඉස්කොලෙ කාලේ ඉඳන් ගිය හින්දද කොහෙද බස් එකේ හොඳට නිනද යනවා.
කොළඔ ඉඳන් පැය දෙකක් දෙක හමාරක ගමනක් ගෙදරට තියනවා. ඕක උනත් නිදා ගත්තෙ නෑත්නම් බහිද්දි මාර මහන්සියක් තියෙන්නේ. සමහර වෙලාවට ඉස්කෝලෙ ඉඳන් පිටකොටුවට එන ටිකටත් මම නිදි.

බස් එකේ යද්දි නිදා ගැනීමේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ බදුල්ලෙ යන්න පටන්ගත්තහම. කඩි කැඩි බස් කීපයක ගියත් පැය 7ක
විතර ගමනක්.මතක් වෙද්දිත් එපා වෙනවා. ගමනේ අමාරුම හරිය තමා නුවර ඉඳන් බදුල්ලට යන එක. ඒකට පැය 4ක් විතර යනවා වගේම හිමීට වංගු වංගු අරගෙන කඳු නැග නැග යනකොට හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.අනික ගමනෙන් බාගයක් දුර විතර පාරත් සවුත්තුයි. නින්ද හියේ නැත්නම් බදුල්ලෙන් බහිද්දි මැරිල වගේ තමා. ඉයර්ෆෝන් දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ යන හින්දා නිකම්ම නින්ද යනවා. මගදි තේ බොන්න නවත්තද්දි තමා ඇහැරෙන්නේ. ඊටපස්සේ ආපහු ඉතින් සෑහෙන වෙලාවකට නින්ද යන්නෙ නෑ. කොහොම උනත් පැය 4න් පැය 3ක් වත් නිදාගෙන තමා යන්නේ මමනම්.

ඔය නින්ද හිනදා එක පාරක් නම් මරැ වැඩත් වෙලා තියනවා. එතකොට ඔය ඒ ලෙවල් කරන කාලේ. දවසක් හවස 6ට හය හමාරට විතර මම පිට‍කාටුවෙන් කුලියාපිටිය බස් එකට නැග්ගා ගෙදර එන්න කියල. ගෙදරට යන්න කුලියාපිටියට කලින් බස් එකෙන් බහින්න ඕන. ඒත් එදා හවස් වෙලත් තිබ්බ හින්ද හොඳට නිදා ලෙන ආවේ. මට ඇහැරෙනකොට කුලියාපිටියට බස් එක ඇවිත්
වෙලාවත් රෑ 8.30ට විතර ඇති. මේ වෙලාවට කුලියාපිටියේ ඉඳන් ගෙදරට යන්න බසුත් නෑ. ඔය කාලේ මං ගාව ෆෝන් එකකුත් නෑ. මොකද කරන්නේ කියල හිත හිත බස් ස්ටෑන්ඩ් එකට එනකොට මෙන්න බොලේ ගෙදර යන්න බස් එකක් තිබුනා.
මම ගෙදර ආවේ පොසොන් පෝය දවස්වල. කුලියාපිටියේ ටවුන් එකේ තොරන් ගහල හෙන වැඩ ‍ගොඩයි. ඒක හින්ද රෑත් අමතර බස් දාල තිබ්බා. නැත්නම් හොඳකට්ටක් තමා කන්න වෙන්නේ.
Monday, January 24, 2011 | By: මියුරංග

නිර්වචනයක් නැති කියාගන්න බැරි අපේ හැඟීම්

අපි හැමෝටම දැනෙන ඒත කටවත් කියාගන්න බැරි තව කෙනෙකුට තේරුම් කරන්න බැරි සමහර වෙලාවට අපිටවත් තේරුම් ගන්න බැරි වෙන් දුක සතුට වේදනාව වෙන්වීම මිතුරුකම ආදී අපේ හැඟීම් සමහර වෙලාවට එක පිංතූරයකින් බොහොම පැහැදිලිව කියන්න පුලුවන්.

ඒවගේ වචන දාහකින් සමහර විට දහදාහකින් වත් කියාගන්න බැරි දේවල් මෙන්න මේවගේ එක පිංතූරයකින් සමහර විට පෙන්නන්න පුලුවන්.



ආදරය 
සමහර වෙලාවට මටනම් ආදරය ගැන හ‍ඟෙන දැනෙන දේවල් පිංතූරයකින් වත් පෙන්නන්න බෑ ඒක ඒ තරම්ම අමතු දෙයක්. ඒ වගේම ඇත්තටම අපි කෙනෙකුට ආදරය කරනවනම් මේ ‍ෆොටෝ එකේ වගේ සීමාවක් අබල දුබල කමක් ඒකට බලපාන්නේ නෑ.


වේදනාව
අපි ආදරය කරන අපේ ලඟින්ම හිටපු කෙනෙක් අපෙන් වෙන් වුනාම අපිට දැනෙන වේදනවෙ වචන වලින් කියන්න පුලුවන්ද?

  
දුක
දුක කඳුල නම් කෙසේ වචනයකින් කියන්නද? 


කරුනාව/දයාව
යුධ බිමේ අවිදරා සිටිනා සෙබලෙකුත් තමාගේ මනුෂ්‍යත්වයේ හැඟීම් පෙන්වන කරුනාව වචන කීයකින් විග්‍රහ කල හැකිද?


නික්මයාම
අපි හැමෝටම නික්මයාම පොදුයි. ඒත් ......


අහිංසකකම
පුංචි කෙලි පොඩ්ඩගේ හිනාව දෝර ගලන සංතෝසේ. අව්‍යජ අහිංසක සොඳුරුබව....


ගෞරවය/ආචාරය
අපිත් එක්ක හිටපු අපි වෙනුවෙන් කැපකිරීම් කරපු සමහර විට ජීවිතය පවා පුද කරපු කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ උපදින ගෞරවය.....


යාලුකම
ලොකු පොඩි, උස් මිටි බේද නැති හැබෑ යාලුකම....... 



හොඳම යාලුවා
මාත් එක්ක හැමදාමත් දුකේදීත් සැපේදීත්...


Sunday, December 19, 2010 | By: මියුරංග

ඕන් මාත් ගියා...!!


මුල් වතාවෙ යන්න බැරි උනත් මේ වතාවෙනම් කොහොමහරි යනව කියල හිතගෙන උන්නු හින්ද අද තිබ්බ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සුහද හමුවට මාත් ගියා. වැඩේට යන්න කලින් එන  කට්ටියගෙන් අඳුරන් කෙනෙකුට හිටියේ කුෂාන් අයියා විතරයි. එක හින්දා සිංහලෙන් බ්ලොග් ලියන කට්ටිය මොනවගේද කියල බලාගන්නත එක්ක තමාගියේ.
මම යනකොට 8.30ට විතර ඇති. වැඩේ පටන් අරන් නැගල යනව ඇති කියල හිත හිත එතනට යනකොට සූ ගාල 10ක් විතර කට්ටිය බිල්ඩිමේ ඇතුල් වෙනතැනම ආලින්දයේ වාඩිවෙලා හිටියා.
ටික වෙලාවක් යද්දි කාලිංග එහෙම ඇවිත කට්ටියට උඩට යන්න කතා කොලා. ආ.. එතන කොලයක් තිබ්බනේ එන කට්ටියගේ නම් ලිස්ට් එක දාල. එකේ ගොඩක් නම් වෙනුවට තිබ්බේ කොටු. සිංහලෙන් දාපු නම් නෑ.
චෙක් වන් ටෙස්ටින් 

පස්සේ ඒක හරිගස්සලා තිබ්බ මයේ හිතේ. ඕන් කොහොමෙන් කොහොමෙන් හරි උඩට ගියා කියමුකො. එතනත් ඉතින් පටන් ගන්න විනඩි විස්සක් විතර චෙක් වන් ටෙස්ටින් වන් කොර කොර හිටයා. ඒ වෙලේ ඉතින් ඇවිත් හිටය කස්ටිය එක්ක කතාකරල දැන හඳුන ගන්න ලැබුනා.
මම වාඩිවෙලා හිටියෙත මාර තැනක තමා ඉස්සරහින් හිටියේ මාරය, පිටිපස්සෙන් හිටියේ මුචලින්ද. මාරයගෙනම් කිසි මාර පාට් එකක් තිබ්බෙ නෑ.

ඊට පස්සෙ ඔන්න සිංදුවක් කියන්න ගිහින් කුෂාන් අය්යායි තිස්ස අය්යායි (මාමා වෙන්න ඕනා) මයික් එකට ෆයිට් එකක් දුන්න. පස්සේ වෙන එක්කෙනෙක් සිංදුව කිව්වා..

මලින්තනම් මගුල් ගෙදරකට ගියා වගේ ආපු වෙලේ ඉඳන් දිගට හරහට ෆොටෝ ගගහ හිටියේ.
පස්සෙ සිංහල ෆොන්ට් ගැන ටිකක් බර කතාවක් ගියා. මමත් අහගෙන හිටියට වැඩිය මුකුත් තෙරුනේ නම් නෑ. මේ වෙනකොටනම් මටත් සෑහෙන්න බඩිගිනි වෙල තිබුනේ. කට්ටිය කෑමත් ලෑස්ති කොරලා. ඇතුල් වෙද්දි කෑම ගන්න පොඩි කූපන් එකක් දුන්නට කෑම ගොඩක් තිබ්බ නිසා කට්ටියට දෙක දෙක කන්න කියල කාලිංග අය්යා කිය කිය ගියා. මමනම් ඉතින් එකයි කෑවේ.
හෙට පෝය හින්දද කොහෙද උම්බලකඩ කෑල්ලක් වත් බත් එකේ තිබ්බේ නෑ.



කන්න ගිහිල්ලත කට්ටිය එක්ක ටොක්ස් ටිකක් දාන්න  සෙට් උනා. ලිශාන්ගේ බ්ලොග් රෝල ලියන් ලිශ්විශ් හා මුචලින්ද එක්ක සෑහෙන්න ෆිට් එකෙන් කතාකරන්න හම්බවුනා.
ඊට පස්සෙ ඉතින් මමත් එන්න ආවා.දුර යන්නත් එපැයි. ලබන පාරත් මෙහෙම එකක් තිබ්බොත් යන්නත් අදහසක් ඇතිව.

ආ.. තව අමතකවෙච්චි සීන් එකත් තියනවනේ. microsoft එකේ කස්ටිය තැන වෙන්කොරගන්ට එන අයගේ නම් ලිස්ට් එකක් බිල්ඩිමේ ආරක්ෂක අංශයට දීලා. නම් ලිස්ට් එක බැලුවහම කස්ටිය පොඩි බකට් එකක් පෙරලලා. මොකද එන යගේ නම් ලිස්ට් එකේ තිබිල තියන නම් දිහා බලලා. මෙකට එන්න ඉඳල තියෙන්නේ අමුතු කස්ටියක්නේ.. මාරය , මුචලින්ද, අන්තිමයා, පුරුපුරු....
Wednesday, December 1, 2010 | By: මියුරංග

හෙම්බිරිස්සාවට බෙහෙත්

මේ දවස්වල හො‍‍ඳටම වහිනවනේ. ඉතින් මාවත් දෙතුන් පාරක් වැස්සට අහුවුනා මොකද කුඩයක් තිබ්බත් තෙමෙන තරමට හයියෙන් වහිනවනෙ. ඉතින් සිතූ පරිදිම ඕන් මේ කරුම ලෙඩේ හැදුනා. මොනා කරන්නද ඉතින් මේ දවස් වල තියන වැඩ රාජකාරි නිසාත් තාවකාලිකව හරි සමනය කරගන්න ඕන වුනු නිසාත්, නිකන් දෙන නිසාත් (විස්ව විද්‍යලයේ බෙ‍හෙත් සාලාවෙන්) බෙහෙත් ගත්තා.
මම සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව හැදුනහම බෙහෙත් ගන්නෑ. හොඳට  වාෂ්ප අල්ලලා නිකන්ම හොඳවෙන්න දෙනවා. මොක්ද ඔය දෙන බෙහෙත් වලට වෙන්නේ හෙම්බිරිස්සාව වේලෙන එකයි. හිතූ පරිදිම ලැබුනේ
 පැරසිටමෝල්,

 සිට්ට්‍රසීන්, (රෑට පෙත්තක් බිවුවහම උදේටත් එක්ක අමාරුයි)

 ඇමොක්සිලින්.

ගෙදර හිටියනම් ලොවෙත් තාත්තා කෑගහනවා ඔය බෙහෙත් වලට.
තාත්තා කියනනේ කොත්තමල්ලි පස්පංගුව පැකට් එකක් ගෙනත් පාවට්ටා ‍කොලත් දාල හොඳට වාෂ්ප අල්ලලා දෙතුන් දවසක් බොන්න කියලා.  හැබැයි ඉතින් කිවුවත් වගේ ලෙඩෙත් හොඳ වෙනවා සෑහෙන කාලෙකට හැදන්නෙත් නෑ.

කොත්තමල්ලි පස්පංගුව බොද්දි කෑලි බෑලි පේන්න තියන පැකට් ගන්න.

සමහන් වලින් නම් මට කිසිම සහනයක් ලැබිලා නෑ.

පිංතූරය