මට සිතුන .., සිතෙන...,සිතෙන්නට ඉඩ තිබෙන ... මට හැඟෙන මට දැනෙන මගේ සිතිවිලි බෙදා හද ගන්නට...
බ්ලොග් සතියට මගේ බස් කතාව
බස්කරුවන්ගේ මහා බ්ලොග් සතිය වෙනුවෙන් ලියවෙන දෙවනි බ්ලොග් සටහන පටන් ගන්නයි ඔන්න හදන්නේ.
ඇත්තටම මෙහෙම වැඩත් වත් පටන්ගත්තෙ නැත්නම් මමනම් මෙහෙම බ්ලොග් සටහන් 7ක් ලියන එකක් නෑ එකදිගට. ඒ හින්දා වැඩේ පටන්ගත්ත වැප්, මගේ මරණය ඇතුලු කස්ටියට ස්තූතිවන්ත වෙන්න ඕන.
හරි දැන් එමුකෝ මාතෘකාවට. සමහර අයටනම් තමන්ගේ වාහනයක යද්දි නින්ද ගියාට බස් වල යද්දිනම් නිනද යන්නේ නෑනේ.ඒකට තව සමයර අය නැග්ග වෙලේ ඉඳන් හිටගෙනත් එක්ක නිදි. හිටගෙන නිදාගත්තෙ නැතත් මටත්නම් බස්වල යද්දි දෙයියනේ කියල හොඳට නින්ද යනවා.
පොඩිකාලේ ඉදන් හොස්ටල් එකේ හිටිය හින්ද මම ඉස්කොලෙ ගියෙනම් බස් එකේ නෙමේ. හැබැයි ඒ ලෙවල් කරද්දිනම් හොස්ටල් තිබ්බෙ නැති හින්ඳ ස්කූල් බස් එකේ තමා ගියේ. කෝක වෙතත් මම සාපේක්ෂව වැඩිපුර දුරගමන් යන බස්වල ඉස්කොලෙ කාලේ ඉඳන් ගිය හින්දද කොහෙද බස් එකේ හොඳට නිනද යනවා.
කොළඔ ඉඳන් පැය දෙකක් දෙක හමාරක ගමනක් ගෙදරට තියනවා. ඕක උනත් නිදා ගත්තෙ නෑත්නම් බහිද්දි මාර මහන්සියක් තියෙන්නේ. සමහර වෙලාවට ඉස්කෝලෙ ඉඳන් පිටකොටුවට එන ටිකටත් මම නිදි.
බස් එකේ යද්දි නිදා ගැනීමේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ බදුල්ලෙ යන්න පටන්ගත්තහම. කඩි කැඩි බස් කීපයක ගියත් පැය 7ක
විතර ගමනක්.මතක් වෙද්දිත් එපා වෙනවා. ගමනේ අමාරුම හරිය තමා නුවර ඉඳන් බදුල්ලට යන එක. ඒකට පැය 4ක් විතර යනවා වගේම හිමීට වංගු වංගු අරගෙන කඳු නැග නැග යනකොට හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.අනික ගමනෙන් බාගයක් දුර විතර පාරත් සවුත්තුයි. නින්ද හියේ නැත්නම් බදුල්ලෙන් බහිද්දි මැරිල වගේ තමා. ඉයර්ෆෝන් දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ යන හින්දා නිකම්ම නින්ද යනවා. මගදි තේ බොන්න නවත්තද්දි තමා ඇහැරෙන්නේ. ඊටපස්සේ ආපහු ඉතින් සෑහෙන වෙලාවකට නින්ද යන්නෙ නෑ. කොහොම උනත් පැය 4න් පැය 3ක් වත් නිදාගෙන තමා යන්නේ මමනම්.
ඔය නින්ද හිනදා එක පාරක් නම් මරැ වැඩත් වෙලා තියනවා. එතකොට ඔය ඒ ලෙවල් කරන කාලේ. දවසක් හවස 6ට හය හමාරට විතර මම පිටකාටුවෙන් කුලියාපිටිය බස් එකට නැග්ගා ගෙදර එන්න කියල. ගෙදරට යන්න කුලියාපිටියට කලින් බස් එකෙන් බහින්න ඕන. ඒත් එදා හවස් වෙලත් තිබ්බ හින්ද හොඳට නිදා ලෙන ආවේ. මට ඇහැරෙනකොට කුලියාපිටියට බස් එක ඇවිත්
වෙලාවත් රෑ 8.30ට විතර ඇති. මේ වෙලාවට කුලියාපිටියේ ඉඳන් ගෙදරට යන්න බසුත් නෑ. ඔය කාලේ මං ගාව ෆෝන් එකකුත් නෑ. මොකද කරන්නේ කියල හිත හිත බස් ස්ටෑන්ඩ් එකට එනකොට මෙන්න බොලේ ගෙදර යන්න බස් එකක් තිබුනා.
මම ගෙදර ආවේ පොසොන් පෝය දවස්වල. කුලියාපිටියේ ටවුන් එකේ තොරන් ගහල හෙන වැඩ ගොඩයි. ඒක හින්ද රෑත් අමතර බස් දාල තිබ්බා. නැත්නම් හොඳකට්ටක් තමා කන්න වෙන්නේ.
Subscribe to:
Post Comments (Atom)
3 ක් අදහස්:
ඔය නින්ද ගිහින් අමතක වෙලා බස් එකේ වැඩිපුර යන සින් අනන්තවත් මං දැකලා තියනවා ...... ඒත් මට නම් උනේ එක දවසයි .........
උබට කිව්වාම මොකෝ මටත් උනේ කුලියාපිටිය 92 බස් එකක තමයි
මටත් තදට නැතත් බස් වල නින්ද යනවා. හැබැයි දුර යනකොට. කොළඔ ඉඳන් පැය 3ක් විතර යන්න එපැයි ගෙදරට. හැබැයි කුලියපිටි යනවා තරම් නම් මහන්සි නැ. දිගටම කාපට් හින්දා. කුලියපිටිය 92 බස් එකේ එකම දවසයි ගියේ. මළ ගෙදරක. එපා උනා. පුරුදු නැති හින්දා නින්ද ගියෙත් නෑ.
/කුම්භකර්ණයා
@ වැප්
හික් හික්
@ කුම්භ
දංකොටුවෙන් පස්සේ පාර එච්චර හොඳ නෑ තමා
Post a Comment