Wednesday, January 26, 2011 | By: මියුරංග

බදුල්ලෙන් ඉර බහින හැටි

ඉර බහින හැටි ලස්සනට බලන්න ඔනේ නම් ඉතින් බටහිර වෙරල තීරයට යන්න ඕනනේ.  ඒතකොට ක්ෂිතිජයෙන් ලස්සනට ඉර බහින හැටි බලන්න  පුලුවන්.
ඒ වගේ නැතත් කඳු අතරින් ලස්සනට ඉර බැහැගෙන යනව බලන්නත් පුලුවන් බදුල්ලට ආවොත්.
ඒවගේ වෙලාවකට වලාකුලක් එතෙන්ට ආවහම මේවගේ ලස්සනට එලිය විහිදෙනවා.
මේ ඒවගේ වෙලාවක ගත්ත පින්තූර කීපයක්.








මේ ඡායාරූප වල කොලිටියනම් අඩු ඇති මොකද නොකියා 3110 හා නොකියා 3120 දුරකතන කැමරා වලින්
ගත්ත ඒව නිසා.


ඉර පායන එකත් මෙහෙම ලස්සනට පේනව ඇති ඒක් හැමදාම මම නැගිටිද්දි ඉර පායල ඉවරයිනේ.
ඒත් එක සැරයක්නම් උදේ පාන්දර බස් එකේ බදුල්ලෙ ඉඳන් පස්සර පැත්තට යද්දි දැක්කා මාරම ලස්සනට
මීදුම අතරින් ඉර පායනවා.

5 ක් අදහස්:

priyantha said...

උදේම නැගිටින්න. ඒකත් බලන්න පුළුවන්. කැමරාවේ පහසුකම් බැලුවම ෆොටෝවල තත්වය ඉහලයි...

miuranga said...

@ප්‍රියන්ත අයියා
ස්තූතියි අදහසට.
උදේම නැගිට්න්න ඕන තමයි.

Anonymous said...

මම හරිම කැමති දෙයක් ඉර එන හැටි, ඉර අපෙන් යන හැටි බලන් ඉන්න.. මම ගොඩාක් කාලයක් පුරුද්දක් තියන් හිටියා මෙක බලන එක.. දැන් නැහැ.. හරිම ලස්සනයි
රවා

බණ්ඩාර said...

ලස්සනයි. මමත් බදුල්ලේ තමයි. ලස්සන දැක්කාම ගෙදර යන්න හිතෙනවා. :)

miuranga said...

@රවා,බන්ඩාර
ස්තූතියි අදහසට