Thursday, January 27, 2011 | By: මියුරංග

අපි නොදැන කරන සේවාවක්

ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න ගිහාම අපේ දත්ත සම්පුර්න කරල අවසන් කලාට පස්සේ
මෙන්න මේ විදිහට
අපබ්‍රංස විදිහට පෙන්නන වචන දෙකක් නියම ආකාරයට සඳහන් කරන්න කියල දක්වනවා. එහෙම කරන්නේ මේ ‍අදාල වෙබ් අඩවියේ රෙජිස්ටර් උනේ මනුෂ්‍යයෙක්ද කියල හරියටම දැනගන්නනේ. 
ඒ කියන්නේ අමනුස්සයොත් වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙනවද..?
ඒකට උත්තරේ ඔවු කියන්න පුලුවන්. හැබැයි මේ කියන අමනුස්සයෝ අපිදන්න හොල්මන් අවතාර නෙමේ.
ඒවා විවිධ පරිගනක වැඩසටහන්, ‍බොට් එකක් එහෙම නැත්නම් බොට්නෙට් කියල හඳුනවන අන්තර් ජාලයේ තිබෙන නරක හානිදායක වැඩසටහන් වලට පුලුවන් ඉබේම රෙජිස්ටර් වෙලා මේවා ස්පෑම් කරන්න.
ඉතින් ඒක වලක්වන්න තමයි මෙහෙම දෙයත් පාවිච්චි වෙන්නේ.

ඔය කියන කාරනේ ඇරෙන්න ඉතා වැදගත් සේවාවකුත් මේකෙන් සිදුවෙනවා. ඒක තමයි පරන පොත් පත්තර ආදිය පරිගනක ගත කරන එක. හැබෑට ඒක කොහොමද වෙන්නේ...?
මෙන්න මෙහෙමයි
දවසකට මිලියන දෙසීයක් විතර පුද්ගලයන් සංඛ්‍යවක් මේ ප්‍රේහේලිකාව විසඳනවා . එක්කෙනෙකුට මේ වැඩේට තත්පර 10ක් ගියත් දවසකට මිනිස් පැය 150,000 විතර වැයවෙනවා. ඒක නිසා ඔබ හරියට හඳුනාගන්නා මේ වචන ස්කෑන් කරපු පරිගනකයට නිවැරදිව හඳුනා ගැනීමට අපහසු වචන නිවරදිව හඳුනාගන්න උදව් වෙනවා.
මේ විදිහට පරන නිව්යෝක් ටයිම් පත්තරේ වගේම ගූගල් බුක් වල ඇති පරන ස්කෑන් කරපු පොත් නිවැරදිව
පරිගනක ගත කරන්න අපි උදවු වෙලා තියනවා.

මේ ගැන වැඩි විස්තර වගේම මේක වැඩකරන හැටි දැනගන්න මෙතෙන්ට යන්න.


4 ක් අදහස්:

අනුරාධ said...

ඔය කියනකන් මන් දැනන් උන්නෙ නෑනෙ ඔය සීන් එක..... තැංකූ වේවා දැනුවත් කලාට.

සොබනි said...

මාත් මේක දැනගෙන හිටියේ නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක්.
පොත් වලින් ස්කෑන් කරපු වචන පරිගනකයට නිවැරදිව හඳුනාගන්න උදව් වෙනවා කියලා තියෙනවනේ.
දැන් ඔය Capcha එකේ පෙන්නන වචන කලින් හඳුනාගෙන නැත්නම්, පරිගනකය කොහොමද ඒවා validate කරන්නේ?
ඒ කිව්වේ, අපි type කරේ එකේ image තියෙන වචනෙමද කියලා පරිගනකය කොහොමද දන්නේ?

මේ විස්තරේ උපුටාගත්ත source එකත් දැම්මානම් හොඳයි

miuranga said...

@සොබනි
වැඩි විස්තර මෙතනින් බලන්න කියල මම ලින්ක් එකක් දාල තියනවා.
http://www.google.com/recaptcha/learnmore

ඇත්තටම පෙන්වන වචන දෙකෙන් එකක් පරිගනකය විසින් දන්න හඳුනාගත් වචනයක්.
අනිත් එක තමයි අපිට අඳුන ගන්න තියෙන්නේ
ලින්ක් එකෙන් ගිහින් බලන්න. හොඳ පැහැදිලි කිරීමක් තියනවා

:මනුවාManuwa: said...

වටින ලිපියක්..මමත් ඔය ගැන ලිපිපු ලිපියක් තියනවා.ඒකත් බලන්න..
http://manubloggers.blogspot.com/2011/03/captcha-puzzles.html