Saturday, January 29, 2011 | By: මියුරංග

ප්‍රතික්ෂේප වුනු අපේක්ෂක ලයිස්තුවක හිටි හිටපු සභාපතිගේ දුක හිතෙන කතාව


නොදකිං විතරක්,
අට පාස් නැති
නීතිඥයොයි
පක්ෂ ලේකම් හින්දයි 

ගම නැඟුමෙන් ගම නඟල
මග නැඟුමෙන් මඟ නඟල
අඩි පාරත් කොන්ක්‍රීට් කරල
ගමේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳල

ප්‍රදේශය සමෘධිමත් කරල
ජනතාව නඟාසිටවල
දිලිඳුබව තුරන් කරල
සහනාධාර දීල

ආසියාවේ ඓචර්යය කරන්න හිටිය 
අපේ ප්‍රදේශීය සභාව
‍ලංකාවේ ඓචර්යය වත් කරන්නේ
කොහොමද දැන්....?


Friday, January 28, 2011 | By: මියුරංග

ගොඩ යන්ට

කොල පාට තීන්ත ගාපු
බෝඩිං කාමරේ මං විතරක් තනියම
අනිත් එකා ගෙදර ගිහිං
ස්ටඩි ලීව් එකේ පාඩං කරන්නං කියල හිටියට
කරන මගුලකුත් නෑ

එලියට යන්න විදිහකුත් නෑ
කොහවත් ඇවිදින්නත් බෑ
දවස පුරාම වැස්ස
අව්වක් වැටෙන්නෙත් නෑ
සීතලත් එක්ක

මොන මගුලක්ද ඕයි

මටත් කම්මැලියි
හිතුනොත් මාත් ගෙදර යනවා

ගෙදර ගියොත්
උඹ හොඳට කකා
ටිවී බල බල
රස්තියාදු ගහ ගහ සැපට ඉඳියි

එතකොට උඔ
විභාගෙට ලියන්නේ
අහවල් එකද....?

ඉගනගන්න කාලේ දුකක් තමා
ඒක රහයි කියල හිතාන වැඩ කරපං
උඹට ගොඩ යන්න පුලුවන්....!!!!!
Thursday, January 27, 2011 | By: මියුරංග

අපි නොදැන කරන සේවාවක්

ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න ගිහාම අපේ දත්ත සම්පුර්න කරල අවසන් කලාට පස්සේ
මෙන්න මේ විදිහට
අපබ්‍රංස විදිහට පෙන්නන වචන දෙකක් නියම ආකාරයට සඳහන් කරන්න කියල දක්වනවා. එහෙම කරන්නේ මේ ‍අදාල වෙබ් අඩවියේ රෙජිස්ටර් උනේ මනුෂ්‍යයෙක්ද කියල හරියටම දැනගන්නනේ. 
ඒ කියන්නේ අමනුස්සයොත් වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙනවද..?
ඒකට උත්තරේ ඔවු කියන්න පුලුවන්. හැබැයි මේ කියන අමනුස්සයෝ අපිදන්න හොල්මන් අවතාර නෙමේ.
ඒවා විවිධ පරිගනක වැඩසටහන්, ‍බොට් එකක් එහෙම නැත්නම් බොට්නෙට් කියල හඳුනවන අන්තර් ජාලයේ තිබෙන නරක හානිදායක වැඩසටහන් වලට පුලුවන් ඉබේම රෙජිස්ටර් වෙලා මේවා ස්පෑම් කරන්න.
ඉතින් ඒක වලක්වන්න තමයි මෙහෙම දෙයත් පාවිච්චි වෙන්නේ.

ඔය කියන කාරනේ ඇරෙන්න ඉතා වැදගත් සේවාවකුත් මේකෙන් සිදුවෙනවා. ඒක තමයි පරන පොත් පත්තර ආදිය පරිගනක ගත කරන එක. හැබෑට ඒක කොහොමද වෙන්නේ...?
මෙන්න මෙහෙමයි
දවසකට මිලියන දෙසීයක් විතර පුද්ගලයන් සංඛ්‍යවක් මේ ප්‍රේහේලිකාව විසඳනවා . එක්කෙනෙකුට මේ වැඩේට තත්පර 10ක් ගියත් දවසකට මිනිස් පැය 150,000 විතර වැයවෙනවා. ඒක නිසා ඔබ හරියට හඳුනාගන්නා මේ වචන ස්කෑන් කරපු පරිගනකයට නිවැරදිව හඳුනා ගැනීමට අපහසු වචන නිවරදිව හඳුනාගන්න උදව් වෙනවා.
මේ විදිහට පරන නිව්යෝක් ටයිම් පත්තරේ වගේම ගූගල් බුක් වල ඇති පරන ස්කෑන් කරපු පොත් නිවැරදිව
පරිගනක ගත කරන්න අපි උදවු වෙලා තියනවා.

මේ ගැන වැඩි විස්තර වගේම මේක වැඩකරන හැටි දැනගන්න මෙතෙන්ට යන්න.


Wednesday, January 26, 2011 | By: මියුරංග

බදුල්ලෙන් ඉර බහින හැටි

ඉර බහින හැටි ලස්සනට බලන්න ඔනේ නම් ඉතින් බටහිර වෙරල තීරයට යන්න ඕනනේ.  ඒතකොට ක්ෂිතිජයෙන් ලස්සනට ඉර බහින හැටි බලන්න  පුලුවන්.
ඒ වගේ නැතත් කඳු අතරින් ලස්සනට ඉර බැහැගෙන යනව බලන්නත් පුලුවන් බදුල්ලට ආවොත්.
ඒවගේ වෙලාවකට වලාකුලක් එතෙන්ට ආවහම මේවගේ ලස්සනට එලිය විහිදෙනවා.
මේ ඒවගේ වෙලාවක ගත්ත පින්තූර කීපයක්.








මේ ඡායාරූප වල කොලිටියනම් අඩු ඇති මොකද නොකියා 3110 හා නොකියා 3120 දුරකතන කැමරා වලින්
ගත්ත ඒව නිසා.


ඉර පායන එකත් මෙහෙම ලස්සනට පේනව ඇති ඒක් හැමදාම මම නැගිටිද්දි ඉර පායල ඉවරයිනේ.
ඒත් එක සැරයක්නම් උදේ පාන්දර බස් එකේ බදුල්ලෙ ඉඳන් පස්සර පැත්තට යද්දි දැක්කා මාරම ලස්සනට
මීදුම අතරින් ඉර පායනවා.

Tuesday, January 25, 2011 | By: මියුරංග

බ්ලොග් සතියට මගේ බස් කතාව



බස්කරුවන්ගේ මහා බ්ලොග් සතිය වෙනුවෙන් ලියවෙන දෙවනි බ්ලොග් සටහන පටන් ගන්නයි ඔන්න හදන්නේ.
ඇත්තටම මෙහෙම වැඩත් වත් පටන්ගත්තෙ නැත්නම් මමනම් මෙහෙම බ්ලොග් සටහන් 7ක් ලියන එකක් නෑ එකදිගට. ඒ හින්දා වැඩේ පටන්ගත්ත වැප්, මගේ මරණය ඇතුලු කස්ටියට ස්තූතිවන්ත වෙන්න ඕන.

හරි දැන් එමුකෝ මාතෘකාවට. සමහර අයටනම් තමන්ගේ වාහනයක යද්දි නින්ද ගියාට බස් වල යද්දිනම් නිනද යන්නේ නෑනේ.ඒකට තව සමයර අය නැග්ග වෙලේ ඉඳන් හිටගෙනත් එක්ක නිදි. හිටගෙන නිදාගත්තෙ නැතත් මටත්නම් බස්වල යද්දි දෙයියනේ කියල හොඳට නින්ද යනවා.
පොඩිකා‍ලේ ඉදන් හොස්ටල් එකේ හිටිය හින්ද මම ඉස්කොලෙ ගියෙනම් බස් එකේ නෙමේ. හැබැයි ඒ ලෙවල් කරද්දිනම් හොස්ටල් තිබ්බෙ නැති හින්ඳ ස්කූල් බස් එකේ තමා ගියේ. කෝක වෙතත් මම සාපේක්ෂව වැඩිපුර දුරගමන් යන බස්වල ඉස්කොලෙ කාලේ ඉඳන් ගිය හින්දද කොහෙද බස් එකේ හොඳට නිනද යනවා.
කොළඔ ඉඳන් පැය දෙකක් දෙක හමාරක ගමනක් ගෙදරට තියනවා. ඕක උනත් නිදා ගත්තෙ නෑත්නම් බහිද්දි මාර මහන්සියක් තියෙන්නේ. සමහර වෙලාවට ඉස්කෝලෙ ඉඳන් පිටකොටුවට එන ටිකටත් මම නිදි.

බස් එකේ යද්දි නිදා ගැනීමේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ බදුල්ලෙ යන්න පටන්ගත්තහම. කඩි කැඩි බස් කීපයක ගියත් පැය 7ක
විතර ගමනක්.මතක් වෙද්දිත් එපා වෙනවා. ගමනේ අමාරුම හරිය තමා නුවර ඉඳන් බදුල්ලට යන එක. ඒකට පැය 4ක් විතර යනවා වගේම හිමීට වංගු වංගු අරගෙන කඳු නැග නැග යනකොට හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.අනික ගමනෙන් බාගයක් දුර විතර පාරත් සවුත්තුයි. නින්ද හියේ නැත්නම් බදුල්ලෙන් බහිද්දි මැරිල වගේ තමා. ඉයර්ෆෝන් දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ යන හින්දා නිකම්ම නින්ද යනවා. මගදි තේ බොන්න නවත්තද්දි තමා ඇහැරෙන්නේ. ඊටපස්සේ ආපහු ඉතින් සෑහෙන වෙලාවකට නින්ද යන්නෙ නෑ. කොහොම උනත් පැය 4න් පැය 3ක් වත් නිදාගෙන තමා යන්නේ මමනම්.

ඔය නින්ද හිනදා එක පාරක් නම් මරැ වැඩත් වෙලා තියනවා. එතකොට ඔය ඒ ලෙවල් කරන කාලේ. දවසක් හවස 6ට හය හමාරට විතර මම පිට‍කාටුවෙන් කුලියාපිටිය බස් එකට නැග්ගා ගෙදර එන්න කියල. ගෙදරට යන්න කුලියාපිටියට කලින් බස් එකෙන් බහින්න ඕන. ඒත් එදා හවස් වෙලත් තිබ්බ හින්ද හොඳට නිදා ලෙන ආවේ. මට ඇහැරෙනකොට කුලියාපිටියට බස් එක ඇවිත්
වෙලාවත් රෑ 8.30ට විතර ඇති. මේ වෙලාවට කුලියාපිටියේ ඉඳන් ගෙදරට යන්න බසුත් නෑ. ඔය කාලේ මං ගාව ෆෝන් එකකුත් නෑ. මොකද කරන්නේ කියල හිත හිත බස් ස්ටෑන්ඩ් එකට එනකොට මෙන්න බොලේ ගෙදර යන්න බස් එකක් තිබුනා.
මම ගෙදර ආවේ පොසොන් පෝය දවස්වල. කුලියාපිටියේ ටවුන් එකේ තොරන් ගහල හෙන වැඩ ‍ගොඩයි. ඒක හින්ද රෑත් අමතර බස් දාල තිබ්බා. නැත්නම් හොඳකට්ටක් තමා කන්න වෙන්නේ.
Monday, January 24, 2011 | By: මියුරංග

නිර්වචනයක් නැති කියාගන්න බැරි අපේ හැඟීම්

අපි හැමෝටම දැනෙන ඒත කටවත් කියාගන්න බැරි තව කෙනෙකුට තේරුම් කරන්න බැරි සමහර වෙලාවට අපිටවත් තේරුම් ගන්න බැරි වෙන් දුක සතුට වේදනාව වෙන්වීම මිතුරුකම ආදී අපේ හැඟීම් සමහර වෙලාවට එක පිංතූරයකින් බොහොම පැහැදිලිව කියන්න පුලුවන්.

ඒවගේ වචන දාහකින් සමහර විට දහදාහකින් වත් කියාගන්න බැරි දේවල් මෙන්න මේවගේ එක පිංතූරයකින් සමහර විට පෙන්නන්න පුලුවන්.



ආදරය 
සමහර වෙලාවට මටනම් ආදරය ගැන හ‍ඟෙන දැනෙන දේවල් පිංතූරයකින් වත් පෙන්නන්න බෑ ඒක ඒ තරම්ම අමතු දෙයක්. ඒ වගේම ඇත්තටම අපි කෙනෙකුට ආදරය කරනවනම් මේ ‍ෆොටෝ එකේ වගේ සීමාවක් අබල දුබල කමක් ඒකට බලපාන්නේ නෑ.


වේදනාව
අපි ආදරය කරන අපේ ලඟින්ම හිටපු කෙනෙක් අපෙන් වෙන් වුනාම අපිට දැනෙන වේදනවෙ වචන වලින් කියන්න පුලුවන්ද?

  
දුක
දුක කඳුල නම් කෙසේ වචනයකින් කියන්නද? 


කරුනාව/දයාව
යුධ බිමේ අවිදරා සිටිනා සෙබලෙකුත් තමාගේ මනුෂ්‍යත්වයේ හැඟීම් පෙන්වන කරුනාව වචන කීයකින් විග්‍රහ කල හැකිද?


නික්මයාම
අපි හැමෝටම නික්මයාම පොදුයි. ඒත් ......


අහිංසකකම
පුංචි කෙලි පොඩ්ඩගේ හිනාව දෝර ගලන සංතෝසේ. අව්‍යජ අහිංසක සොඳුරුබව....


ගෞරවය/ආචාරය
අපිත් එක්ක හිටපු අපි වෙනුවෙන් කැපකිරීම් කරපු සමහර විට ජීවිතය පවා පුද කරපු කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ උපදින ගෞරවය.....


යාලුකම
ලොකු පොඩි, උස් මිටි බේද නැති හැබෑ යාලුකම....... 



හොඳම යාලුවා
මාත් එක්ක හැමදාමත් දුකේදීත් සැපේදීත්...