Wednesday, May 4, 2011 | By: මියුරංග

තිඹිරිගස්යාය්දී සැබෑවූ සයිබර් සිහිනය

කලින් පෝස්ට් එකක් දාලා වැඩේට දෙන්න පුලුවන් සහයෝගය ලබා දීල මමත් 3න්වෙනිදා වෙනකන් බලන් හිටියේ සයිබරයේ හමුවන ‍සියලුදෙනා හැබෑවටම හමුවෙලා විනොදවෙලා එන්න.
මම එද්දිනම් හිතහිතන් ආවේ ‍ගේට්ටුව ගාව පෝලිමේ ඉඳල ඇතුලට යන්න වෙයි කියල මොකද 350ට වැඩි පිරිසක් එනවා කියල දාල තිබ්බනිසා. ඒත් එහෙම පෝලිමක් තිබ්බෙනම් නෑ. මම යද්දිත් වෙලාව උදේ 9.15ට විතර ඇති. කොහොම හරි වැප් මහත්තයයි කනිෂ්ක හෙන්නායක සොහොයුරයි මාව බොහොම උනුසුම් විදිහට පිලිගත්තා(පොඩි නයෙක් මොකද කනිෂ්කව අඳුනගෙන හිටියට වැප්වනම් එවෙලේ තවා ඉස්සෙල්ලාම අඳුනගත්තේ.)
මම ඇතුල්වෙද්දිනම් 50ක් 60ක් විතර ඇවිත් හිටියා. ඒ සංවිදායක මංඩලේ අයතමා. ආගන්තුකයනම් ගෑනුලමයි කට්ටියක් වටකරගෙන ‍බොහොම උනන්දුවෙන් පොල්තෙල් පහන හදනවා. තව අය බැලුම් බෝල එල්ලනවා .

මේවෙලාවෙ ඉතින් මාත් ඔය පොඩි පොඩි වැඩවලට සපෝට් එකක් දෙන ගමන් බස් එකේ සෙටවෙන කට්ටිය හඳුනගෙන කතාබහ කරන්නත් පුලුවන් උනා.

දෙයියනේ කියල උදේ 10 විතර වෙද්දි වැඩේ පටන්ගත්තා.  මීටර් 100 දුවල තරග ටික ආරම්භ උනත් මමනම් ඉස්සෙල්ලා සෙට් උනේ බනිස් කන්න.
එකම අරමුණක්

අවුරුදු උත්සව වල බනිස් කාල අත්දෑකීම් තිබුනත් ජීවිතේ ඉස්සෙල්ලාම පාර තමයි සීනි බනිස් කෑවේ. කාල ඉවර වෙද්දි මූන පුරාම සීනි.
සීනි නාගෙන බනිස් කෑම

තරගනම් සෑහෙන්න තිබ්බා. මාත් 4කට විතර ඉදිරිපත් වුනා.හැම තරගයක්ම හොඳින් සංවිදානය කර තිබීමත් ජයග්‍රහකයන්ට එවෙලේම තෑගි දීපු එකත් අගයකරන්න ඕන.

කිවුවා වගෙම දවල්ට හොඳට කන්න බොන්නත් සපයල තිබ්බා. හැබැයි කියන්න දෙයක් තියනවා. වගකීමක් නැතුව කටයුතු කරපු විනොදෙට මේ සඳහා ලියාපදිංචි වුනු අය හින්දා කෑම පැකට් 70ක් 80ක් විතර අපතේ ගියා. මේක සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුවේත් මම දැක්ක අමිහිරි දෙයක්. මේකාලේ කෑම පැකට් එකක් අහක දානව කියන්නේ බොහොම අපරාදයක්.

දවල් කෑමෙන් පස්සෙ තිබ්බ සයිබරයේ සිහින කුමරා කුමරි තරගයට 20ක් පමණ ඉදිරිපත්වෙලා හිටියත් චමිල නරඔන්නන් සඳහා සෑහෙන්න විනොදයක් ලබාදුන්න එක ගැනනම් කියන්නම ඕන.

ආ තවපොඩ්ඩෙන් අමතක වෙනවා.. ඒතමයි

ටිකට් කැඩීමට ගොස් වැපා දෙවනි වරට නා ගැනීම
පලවෙනි පාරට වැපා නාගත්ත එක දැන් හැමෝම දන්නවනේ. ආරධිත අමුත්තෙක් විදිහිට ආපු ඉන්ද්‍රනාත තේනුවර මහත්මයාට විකට් එකක් කඩන්න ගියපු එක.
දෙවනි අවස්තාවනම් දැක්කේ ටික දෙනයි.
ඒ තමයි අවුරුදු කුමාරි තරගය විනිශ්චය කරන්න ආපු විනිශ්ච කාරියට ටිකට් එකක් කඩන්න ගිය එක. විනිශ්චය කරන්න සුකුරත්තන් අක්කල දෙන්නෙක් ඇවිත් හිටියා(එක්කෙනයි විනිශ්චය මන්ඩලේ හිටියේ අනිත් කෙනා එය ලඟින් වාඩිවෙලා හිටියා.) ඔන්න ඔය අනිත් කෙනා ඇතුලට ආපුවාම වැප් මහත්තයා ටිකට් පොතකුත් උස්සගෙන එයාගාවට දුවලෙන ගියා. කණගාටුයි කියන්න ඒ අක්කා වැප් අයියාව ගනන්ගත්තෙ නෑ
වම් පැත්තෙ කොනේ ඉන්න කෙනාට තමයි ටිකට් කඩන්න ගියේ

හැමෝම දෙකට බෙදිල නියම කඔ ඇදිල්ලකුත් කරල ,කූටක අවුවේ දුවිල්ලේ නටල විනොදවෙලා වැඩේ බොහොම හොඳට අවසන් වුනා.
මරේනම් බොහොම උනන්දුවෙන් පරිසර හිතකාමී ක්‍රියාවලියට ලොකු දායකත්වයක් දුන්නා.

අන්තිමට ප්‍රගති සමාලෝවන රැස්වීමකුත් තියල වැඩේ සම්පූර්නයෙන් ඉවරවෙද්දි රෑ 8 පහුවුනා. මම 8ට විතර පිටත් වුනේ එතකොට දවසපුරා මහන්සි වුනු හින්දද කොහෙද අභීත අයියානම් පුටුපේලියක හොඳට වැටිල හිටියා.
කොහොම උනත් ආයිත් පාරක් මේක සංවිධානය කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. ලබන් අවුරුද්දෙත් මේවගේ සෙට්වෙමු....෴

සැබෑවූ සිහිනයක කොටස්කරුවෝ

පින්තූර ඉන්දරේගෙන් හා චමිලගෙන්

6 ක් අදහස්:

ආගන්තුකයා | Stranger said...

එදා ඉවරවෙනකොට 8.45 අබේපාලයාගේ බෙල්ල සාක්කුවේ...

වැප් said...

වැඩ් කැතැයි හොඳේ ... උබට මං කිව්වා ටිකට් එකේ සල්ලි දෙන්නම් මේ සින් එක කාටවත් කියන්න එපා කියලා ....

මතක තියාගං ලබන පාර උබව තියනවා එලියේ 10.15 වෙනකල් :DDD

duliponline said...

හිකිස් . . . වැපා . . . ඒක දන්නෙ දැං නේ . . . එල එල . . .

miuranga said...

@ආගන්තුකයා
හිටිය හැටියට මට හිතුනා උස්සගෙන ගෙදර ගෙනියන්න වෙයි කියල.

@වැප්.
වැඩිය කට්ටියට කිව්වෙනෑ අඳුරනම දෙතුනදෙනෙකුට විතරයි කිවුවේ.

@ඕනයා
හික හික්

priyantha said...

ඒ අක්කිලාට මොනවත් කියනවා නෙවෙයි හරිද?.
:D :D :D

පන්සල් හංදිය said...

එන්න බැරි වුන නිසා මෙහෙමවත් මේ ගැන විස්තර දැන ගන්න ලැබෙන එක ලොකු දෙයක්.......