Monday, August 16, 2010 | By: මියුරංග

තරු වලට වඩා ඔබේ වීරත්වය අපිට ආඩම්බරයකි.

තරු දුන්නේ උන්ය.
ඒ ඔබ ඉල්ලූ නිසානම් නොවන බව අපි දනිමු.
ඉතින් ඒ තරු උන්ම ගත්තාවේ. සමහර විට ඒවට උන් ගොඩක් ආසා ඇති. ඒ ඔබේ කරමත පැලඳිනිසාය.
ඔබ මව් බිමට ණය නැති පුතෙකි. සතලිස් වසරක් තම රට වෙනුවෙන් ලේ දහඩිය හෙලූ ඔබගේ වීරත්වය තරු වලින් මැනිය හැක්කක් නොවේ.
සදාකල් ඔබ මගේ හදවතේ වීරයෙකි.

“මිනිසෙකු විනාශ කළ හැකිය. එහෙත් ඔහු පරාජය කළ නොහැකිය”
Thursday, August 5, 2010 | By: මියුරංග

මෙ දවස්වල TV එකෙ හැමදාම යන ටෙලිනාට්‍ය වල අගමුල තේරෙන කෙනෙක් ඉන්නවද..?


සෑහෙන කාලෙකින්නෙ ගෙදර ආවේ. එක හින්ඳා ගෙදරම තමයි ඉන්න කල්පනාව.
ඉතින් මේ ගැටලුව ඇති උනේ හවස TV බලන්න ගත්තට පස්සෙ තමයි.
නිවුස් හා මැච් එකක් ඇරෙන්න කැම්පස් එකේ ඉද්දි TV බැලෙන්නෙ නැතිතරම්.
මට තියන ලොකුම ගැටලුව තමයි මේ නාට්‍ය වල අගමුල  පිලිවෙල තෝරගන්න එක. මම බලන්නෙනම් නෑ. හැබැයි බැලෙනව මොකද සමහර වෙලාවට බලන්න වෙනමුකුත් නෑනේ.
හවස 7 ඉඳන් රෑ 10 වෙනකන් අයිටීඑන්, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ,
හැම එකේම එකම බ්ලොක් එකේ නාට්‍ය සෙට් එකක් යන්නෙ.
හැම එකටම තියෙන්නෙ ගෑනු ලමයින්ගෙ නම්. ටික වෙලාවක් බලද්දි තේරෙනවා නට්‍යය එක තැන කැරකැවෙනවා කියලා.
හැම එකේම කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා එක්කො දෙන්නගෙ ගෙවල් වලින් ප්‍රශ්න නැත්නම් තව මොකක් හරි අප්සෙට් එකක්. හැමදාම  ගියත් හැමදාමත් තියෙන්නෙ එකම දේ.
ඔක්කොම ගොන් දෙපැය වගේ.
ALවලින් පස්සෙ කැම්පස් යාමත් එක්ක නාට්‍ය විතරක් නෙමෙ ට්ව් බලන එකත් සෑහෙන්න නැවතුනා.
නාට්‍ය බලන එකනම් සම්පූර්නයෙන්ම නැවතුනා. ඒකනම් ගොඩක් සතුටු වෙන්න පුලුවන් කාරනයක් කියල හිතෙනවා.
අන්තිමට දිගටම බැලුවෙ ඉසුරු යෝගය, එකනම් එකපාරක් නෙමේ දහ පාරක් උනත් ආපහු බලන්න ආසයි.
එහෙම බලන්න පුලුවන්
අකාල සන්ධ්‍යා
දඬුබස්නාමානය
ඉංගංමාරුව
දිය කැට පහන
සකිසඳ එලියස්
එතුමා
තව එව තියනව දැන් එකපාරටම නම මතක් වෙන්නෑ.
මටනම් මේවගේ අගමුල ගලපගන්න ඔනේ නෑ. ඒත් ඔය හැම එකම බලන අයට මේවා තෙරෙනවද දන්නෑ..