Thursday, August 5, 2010 | By: මියුරංග

මෙ දවස්වල TV එකෙ හැමදාම යන ටෙලිනාට්‍ය වල අගමුල තේරෙන කෙනෙක් ඉන්නවද..?


සෑහෙන කාලෙකින්නෙ ගෙදර ආවේ. එක හින්ඳා ගෙදරම තමයි ඉන්න කල්පනාව.
ඉතින් මේ ගැටලුව ඇති උනේ හවස TV බලන්න ගත්තට පස්සෙ තමයි.
නිවුස් හා මැච් එකක් ඇරෙන්න කැම්පස් එකේ ඉද්දි TV බැලෙන්නෙ නැතිතරම්.
මට තියන ලොකුම ගැටලුව තමයි මේ නාට්‍ය වල අගමුල  පිලිවෙල තෝරගන්න එක. මම බලන්නෙනම් නෑ. හැබැයි බැලෙනව මොකද සමහර වෙලාවට බලන්න වෙනමුකුත් නෑනේ.
හවස 7 ඉඳන් රෑ 10 වෙනකන් අයිටීඑන්, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ,
හැම එකේම එකම බ්ලොක් එකේ නාට්‍ය සෙට් එකක් යන්නෙ.
හැම එකටම තියෙන්නෙ ගෑනු ලමයින්ගෙ නම්. ටික වෙලාවක් බලද්දි තේරෙනවා නට්‍යය එක තැන කැරකැවෙනවා කියලා.
හැම එකේම කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා එක්කො දෙන්නගෙ ගෙවල් වලින් ප්‍රශ්න නැත්නම් තව මොකක් හරි අප්සෙට් එකක්. හැමදාම  ගියත් හැමදාමත් තියෙන්නෙ එකම දේ.
ඔක්කොම ගොන් දෙපැය වගේ.
ALවලින් පස්සෙ කැම්පස් යාමත් එක්ක නාට්‍ය විතරක් නෙමෙ ට්ව් බලන එකත් සෑහෙන්න නැවතුනා.
නාට්‍ය බලන එකනම් සම්පූර්නයෙන්ම නැවතුනා. ඒකනම් ගොඩක් සතුටු වෙන්න පුලුවන් කාරනයක් කියල හිතෙනවා.
අන්තිමට දිගටම බැලුවෙ ඉසුරු යෝගය, එකනම් එකපාරක් නෙමේ දහ පාරක් උනත් ආපහු බලන්න ආසයි.
එහෙම බලන්න පුලුවන්
අකාල සන්ධ්‍යා
දඬුබස්නාමානය
ඉංගංමාරුව
දිය කැට පහන
සකිසඳ එලියස්
එතුමා
තව එව තියනව දැන් එකපාරටම නම මතක් වෙන්නෑ.
මටනම් මේවගේ අගමුල ගලපගන්න ඔනේ නෑ. ඒත් ඔය හැම එකම බලන අයට මේවා තෙරෙනවද දන්නෑ..

7 ක් අදහස්:

uS said...

මගේත් කැමතිම නාට්‍ය ඉංගම්මාරුව.ඇයි දන්නේ නැ ඒ වගේ නාට්‍ය දැන් හදන්නේ නැත්තේ.මේ දවස්වල දෙරණ එකේ යනවා මිත්‍ර සමාගම කියලා නාට්‍යක් ඒක ටිකක් හිනා වෙවී බලන්න පුළුවන් වෙනස් විදිහේ Darama එකක්.

ආදර කතාව said...
This comment has been removed by the author.
ආදර කතාව said...

මම නම් කැමතිම ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනියේ ගිය "ඕලු". ආපහු සැරයක් බලන්න ආසයි.

අනුරාධ රත්නවීර said...

මේක කියවනකොට හිතෙනව මං තනි වෙලා නෑ කියල. ;-)

පිටගංකාරයෝ නාට්‍යයත් හොඳයි නේද?

සංකල්පනා said...

තව ටිකක් කියන්නම්
වෙද හාමිනේ
කන්දෙ ගෙදර
පලිඟු මැණිකා (හොඳම 1ක්)
සුසීමා (යූ ටියුබ් එකෙන් දැන් බලන්න පුලුවන්)
ගිරය
රුපියල් සත
දඩබිම

මට මතක විදිහ‍ට හොඳම කියල කිව්වම හොඳම තමා.
සඳගලතැන්න, බෝඩිම, කඩවර, රතුරෝස, වගේ ඒවත් තියනව ‍‍හොඳම කියල ගන්න පුලුවන්. ජීවිතය විදින්න මේ නාට්‍ය බලල. ජීවිතය විදවන්න සිරස පටන් ගත්ත ජරා මෙගානාට්‍ය රැල්ල බලල....

miuranga said...

පලිඟු මැණිකේ කැමතිම එකක්..

හෙළයා said...

අකාල සන්ධ්‍යා
දඬුබස්නාමානය
ඉංගංමාරුව

කියලා වැඩක් නෑ මේවා ගැන නම්...

එතුමා

මේ වගේ හිනායන ටෙලියක් මං ආයේ බලලා නෑ. ගිරිරාජ්ගේ හොඳම වැඩක්.