ඔන්න මමත් e-bay එකෙන් පළවෙනි වතාවට පොඩි බඩුවක් ගත්තා.පොඩි බඩුවක් කිව්වෙ පොඩි ear phone එකක්. e-bay එකේ කරක් ගහල බඩුවල ගනන් බලලා තිබ්බට කවදවත් මුකුත් අරගෙන තිබ්බෙ නෑ. මෙකට ඉතින් හේතුව උනේ ගන්න ක්‍රමයක්, ක්‍රෙඩිට්කාඩ් එක්ක තිබ්බ නැති එක. නමුත් ලඟදි අපේ යාලුවෙක් සම්පත් බැංකුවෙ WEB කාඩ් එකක් අරන් තිබ්බා. ඔහුගේ උදව්වෙන් ඉතින් මමත් මේ ear phone එක ඔඩර් කලා දවස් 6න් ගෙදරට ආවා.
මෙ තියෙන්නෙ ear phone එක.

මෙකෙ ගාන උනේ රුපියල් 172ක්. (දුප්පත් මගේ සාක්කුවට හරියන ගානට ) සද්දෙනම් හොඳයි. මොනා උනත් මට හිතෙනව ගත්ත ගානට වටිනව කියල. හෙඩ් ෆෝන් එකක් නොගත්තෙ මගෙ ලැප් ටොප් බෑග් එකේ ඉඩ නැති හින්ඳා.
පිටකොටුව
මෙච්චර කල් මං ලඟ තිබ්බෙ පිටකොටුවෙ පේමන්ට් එකන්, හරියටම කියනවනම් ස්ටේෂන් එක ඉස්සරහ තියන පාර මාරුවෙන්න තියන ගුවන් පාලම ලඟින් රුපියල් 20කට ගත්ත ear phone එකක්.

මේ තියෙන්නෙ ඒක. ඇත්තටම රුපියල් 20යි.
මේකෙ සද්දෙ ඉතින් ටිකක් අඩුයි. එත් හොඳට ඇහෙනව. මම ear phone එක ගොඩක පාවිච්චි කරන්නෙ ෆිල්ම් එකක් බලන්න. අපි ඉතින් බලන්න ගොඩක් .avi, .rmvb, .mkv ෆෝමැට් ෆිල්ම් හින්දා රුපියල් 20ස්සෙ එකත් ඇති.
ඔන්න ඕක තමයි මගෙ ear phone කථාව. මේක කාටවත් වැඩක් නැති කථවක් කියල මම දන්නව, ඒත් මට හිතුන හින්ද මම ලිව්වා. තේරුමක් නැති මගේ ear phone කථාව අවසානයි. කියවූ ඔබ සැමට ස්තූතියි.....
කාටවත් තව මුකුත් කියන්න තියනවද ....?