Thursday, May 20, 2010 | By: මියුරංග

වසරක් පසු කළෙමි..


ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.
ඉතින්  මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.
මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.

මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.
අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ඉස්සරහට පුලුවන් තරම් ලියන්න උත්සාහ කරනවා...

මේ දවස්වල අසනීපවෙලා ඇඳේම තමයි හිටියේ. අද තමයි ටිකක් හරි නැගිටලා ඉන්නේ.

හැමෝටම ජයෙන් ජයම වේවා..!
Monday, May 10, 2010 | By: මියුරංග

ලොකුම ඩිජිටල් ඡායාරූපය..

අපි ඉතින් කැමරාවකින් ගන්නෙ මෙගා පික්සල් ඡායාරූපනේ. .
මේක ගිගා පික්සල් එකක්. ගිගා ෆික්සල් ඡායාරූප  ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ගොඩක් ජනප්‍රිය උනේ බැරක් ඔබමා දිවුරුම් දෙන වෙලාවේ අරන් තියන වෙලාවෙ ගත්ත ඡායාරූයනේ.
ගිගා පික්සල් ඡායාරූප එක්කෙනෙක් එක කැමරාවකින් ගන්න පුලුවන් එකක් නෙමේ.
කැමරා කිහිපයකින් ස්වයංක්‍රීයව හරි ගොඩක් අය එකතුවෙලා හරි ගත්ත ඡායාරූප ගොඩක් එකතු කරල තමයි මේක හදන්නේ.
ගිගා පික්සල් ඡායාරූප ගැන මෙතනින් දැනගන්න.

මාතෘකාවට ආවොත් මේ තියෙන්නෙ මම කියන ඡායාරූපය. ඩුබායි නගරයේ ඡායාරූපයක්. මේක ගිගා පික්සල් 45ක් .


හොඳට zoom කරලා බලන්න ඔනෙනම්.

තව ටික කාලයක් යද්දි මීට වඩා ලොකු ඡායාරූප තියෙයි..

තව ගිගා පික්සල් චායාරූප බලන්න ඕනෙනම්....