Wednesday, December 1, 2010 | By: මියුරංග

හෙම්බිරිස්සාවට බෙහෙත්

මේ දවස්වල හො‍‍ඳටම වහිනවනේ. ඉතින් මාවත් දෙතුන් පාරක් වැස්සට අහුවුනා මොකද කුඩයක් තිබ්බත් තෙමෙන තරමට හයියෙන් වහිනවනෙ. ඉතින් සිතූ පරිදිම ඕන් මේ කරුම ලෙඩේ හැදුනා. මොනා කරන්නද ඉතින් මේ දවස් වල තියන වැඩ රාජකාරි නිසාත් තාවකාලිකව හරි සමනය කරගන්න ඕන වුනු නිසාත්, නිකන් දෙන නිසාත් (විස්ව විද්‍යලයේ බෙ‍හෙත් සාලාවෙන්) බෙහෙත් ගත්තා.
මම සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව හැදුනහම බෙහෙත් ගන්නෑ. හොඳට  වාෂ්ප අල්ලලා නිකන්ම හොඳවෙන්න දෙනවා. මොක්ද ඔය දෙන බෙහෙත් වලට වෙන්නේ හෙම්බිරිස්සාව වේලෙන එකයි. හිතූ පරිදිම ලැබුනේ
 පැරසිටමෝල්,

 සිට්ට්‍රසීන්, (රෑට පෙත්තක් බිවුවහම උදේටත් එක්ක අමාරුයි)

 ඇමොක්සිලින්.

ගෙදර හිටියනම් ලොවෙත් තාත්තා කෑගහනවා ඔය බෙහෙත් වලට.
තාත්තා කියනනේ කොත්තමල්ලි පස්පංගුව පැකට් එකක් ගෙනත් පාවට්ටා ‍කොලත් දාල හොඳට වාෂ්ප අල්ලලා දෙතුන් දවසක් බොන්න කියලා.  හැබැයි ඉතින් කිවුවත් වගේ ලෙඩෙත් හොඳ වෙනවා සෑහෙන කාලෙකට හැදන්නෙත් නෑ.

කොත්තමල්ලි පස්පංගුව බොද්දි කෑලි බෑලි පේන්න තියන පැකට් ගන්න.

සමහන් වලින් නම් මට කිසිම සහනයක් ලැබිලා නෑ.

පිංතූරය

9 ක් අදහස්:

SIDATH said...

මම දන්න තරමට, පොඩි පොඩි ලෙඩ වලට ඇමොක්සිලින් වගේ ප්‍රතිජීවක ගන්න හොඳනෑ.

කොත්තමල්ලි ටිකක් පස්පංගුවක් ගන්න එක තමයි මටත් අල්ලල යන ක්‍රමය :)

Anonymous said...

මෙන්න හෙම්බිරිස්සාවට නියම බෙහෙත....
අත්දුටුවයි සත්තයි... හරිගියාම ගාස්තුව ගෙවන්න...
කොත්තමල්ලි ටිකක් කබලෙ දාලා ලාවට බැදගෙන වතුර ටිකක් දාලා තැම්බෙන්න හරින්න...
ඊට පස්සේ ඒකට ඉඟුරු වැඩියෙන් සහ කුරුඳු පොතු ටිකක් දමන්න.... ලිපෙන් බාගන්න විනාඩි 2 කට පමණ ඉස්සර වෙලා සුදුළූණු බික් දෙකක් තුනක් හීනියට කපලා ඒකට දාන්න....
ලිපෙන් බාගෙන ඒක පෙරණයකින් පෙරාගෙන ඒකට මීපැණි හැන්දක් දාලා මඳ රස්නෙන් බොන්න... දෙවේල බොනකොට ඕන මගුලක් හොඳ වෙනවා....
මම මේ වට්ටෝරුව ගත්තේ ඉන්දියන් වෙදෙක්ගෙන්... කිරිගහට මෝටාර් එකක් ගැහුවා වගේ ෂුවර්....

miuranga said...

@ තර්ඩ් මෑන්
ඔව් ඔව්.... රට බෙහෙත් වගේ නෙමේ....

@ ariyananda
ගාස්තුවක් ගෙව්වත් පාඩුනෑ..බොහොම ස්තූතියි...

Anonymous said...

Hi, i just want to say hello to the community

Manura Bro said...

හම්මෝ.... මටත් හොදටම හෙම්බිරිස්සාව. ඉන්න බැරිම තැන තමයි search කරේ google එකේ. එතකොටම තමයි මේ post එකත් දැක්කෙ. බොහොම ස්තූතියි යාළුවා,..෴

Manura Bro said...

හම්මෝ.... මටත් හොදටම හෙම්බිරිස්සාව. ඉන්න බැරිම තැන තමයි search කරේ google එකේ. එතකොටම තමයි මේ post එකත් දැක්කෙ. බොහොම ස්තූතියි යාළුවා,..෴

Unknown said...

Thanks danma bomu kottamallli

Unknown said...

ගොඩක් ස්තුතිය හැමෝටම ඉන්න බැරිම තැන තමයි මෙක හන්බ වුනේ

Unknown said...

ොහොම පිං ඔයාලට..