Monday, March 22, 2010 | By: මියුරංග

තවත් e-bay කතාවක්


මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව.
කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ. දැන් කියන්නෙ තවත් ගත්ත දෙයක් ගැන,
ඉතින් මේක ගන්න ගිහින් ලැබුනු අත් දැකීම e-bay එකෙන් මොනවාහරි ගන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියල මම හිතනවා.
මම ගත්තෙ නම් PS2- USB converter එකක්, ගාන රුපියල් වලින් කිව්වෙත් 180ක් විතර.මේක ගත්තේ ඇයි කියලා මම අන්තිමට කියන්නම්කෝ.  ආ.. මේකට සල්ලි ගෙවපු විදිහත් මගේ කලින් e-bay  ගැන ලියපු ලිපියේ ඇති.


මම මේක ඕඩර් කලේ ජනවාරි මාසේ දෙවනි නැත්නම් තෙවනි සතියේ විතර මට හරියටම මතක නෑ. නමුත් පෙබරවාරි මාසෙ 3වන සතිය වෙනකොටත් මේක ආවෙ නෑ. කලින් එකනම් දවස් 10කටත් අඩුවෙන් ආවනේ.
ඉතින් මම e mail එකක් දැම්මා තවම මට ලැබුනේ නෑ කියලා.
එන්න ඕන නම්  හොංකොං වලින්. e mail එකට මට reply
එකක් ආව අලුත් අවුරුදු සුභ පැතුම් ආදිය ඉක්මනින් යවන්න අවශ්‍ය නිසා මේක එන්න
මාර්තු මුල සතිය වෙයි ඒත් ආවෙ නැත්නම් නැවත දන්වන්න කියලා.
මාර්තු මුල සතිය පහුවෙද්දිත් ආවෙ නැති නිසා මම ආපහු e mail එකක් දැම්මා.
 එතකොට කියලා තිබ්බා මේක සමහර විට තාම හොංකොං වල ඇති ඒක හින්දා ගෙවපු මුදල නැවත ගිණුමට දමන්නම් කියලා.
කිව්වා වගේම දවස් 3,4ක් යද්දි මුදල් නැවත ගිනුමට දාල තිබ්බා. හැබැයි ඊට දවස් දෙකකට විතර පස්සේ මේක ආවා.
ඉතින් මම ආයෙ සල්ලි ගෙව්වා.

ඔන්න ඕකයි කතාව. ඔයගො‍ල්ලොත් ඕඩර් කරපු දෙයක් එන්න පමා උනොත් e mail එකක් දාල පොඩ්ඩක් බලන්න.

ආ.. මම මේක ගත්ත හේතුව කිව්වෙ නෑනෙ. මේක ගත්තෙ සිංහලෙන් ලියන්න තමයි.
කොටින්ම කිව්වොත් සිංහලෙන් බ්ලෙග් ලියන්න තමයි. මම මෙච්චරකල් සිංහල යුනිකෝඩ් වලින් ලියන්න බාවිතා කලේ UCSC එකේ real time Sinhala Unicode converter එක.අපේ ගෙදර තිබ්බා සිංහල දෙමල අකුරු  print කරලා තියන key board එකක් ඒක මම අර‍ගෙන ආව.
හැබැයි ඒක PS2 එකක්. ඉතින මගේ ලැප්ටෙප් එකේ PS2 port එකක් නැති නිසා තමයි මේක ගත්තෙ.මම බදුල්ලෙ හොයලා බැලුවත් මෙහෙම එකක් ගන්න තිබිබෙ නෑ. ඉතින් ලේසිම තැන තමයි e-bay.
ඔන්න අද ලිපිය තමයි real time Sinhala Unicode converter එක නැතුව කෙලින්ම සිංහල
key board  එක පාවිච්චි කරල ලියන්නේ. අකුරු print  කරලා තිබුනත් පුරුදු නැති නිසා වෙනදට ටඩා ගොඩාක් වෙලා ගියා මේක ලියන්න. අකුර අකුර බලබල ගහන හින්දත් කලින් පුරුද්දට සිංහල අකුරු  ශබ්දයට type කරද්දි වරදින හින්දත්.
ඉතින් ටික දවසක් යද්දි වැඩේ හරියයි වගේම ඉක්මනට සිංහල type කරන්න පුලුවන් වෙයි කියල හිතනවා.

එහෙනම් අදට ඉවරයි. මේක කියවද්දි හිතුන දේවල් ලියලා යන්නත් අමතක කරන්න  එපා...

4 ක් අදහස්:

රන්දික කුලතුංග said...

e-bay ගැන තවත් විස්තර දාන්න.මාත් e-bay එකත් එක්ක ගනුදෙනු කරන්න හිතාගෙන ඉන්නවා.

පිස්සා පලාමල්ල said...

ඔව් මටත් එක පාරක් ඔහොම උනා. පස්සෙ මන් මන් ඉ මේල් කරාම සල්ලි ආපහු දැම්ම. හොද කෙනෙක්ගෙන් ( කොම්මෙන්ට් එහෙම බලල.. ) ගත්තම හුගක් වෙලවට කරදරයක් නැහ

මියුරංග said...

@ රන්දික
හොඳයි හොඳයි..ඉස්සරහට දාන්නම්කෝ..

Gayan Tharaka said...

@රන්දික කුලතුංග
මේකෙ ලියල තිබුන ඒක ගැන
http://dhanikauom.blogspot.com/