Monday, February 8, 2010 | By: මියුරංග

හොඳ වැඩක්

පොදු මගී ප්‍රවාහන සේවාවේ (දුම්රිය, බස් සේවාවේ)
මෙතෙක් කල් ආසන වෙන්කර තිබෙනු මා දැක ඇත්තේ පූජ්‍ය පක්ෂයට,
ආබාදිත අයට හා ගැබිනි මවුවරුන්න්ට පමණි.
නමුත් ලඟදී දිනෙක මා ගමන් කල බදුල්ල - 3කනුව බස් රථයක තවත් පිරිසක් සඳහා ආසන වෙන්කොට තිබිණි.
ඒ රණවිරුවන්ට හා පොලිස් නිලධාරී මහතුන් වෙනුවෙනි.
අප සැම වෙනුවෙන් මිලකල නොහැකි සේවාවක් ඉටුකරන ඔවුන් වෙනුවෙන් එසේ කරතිබීම පැසසිය යුත්තකි.
මෙය බස් රථයේ අයිතිකරුවන් විසින් උවමනාවෙන්ම කල දෙයක් බව හැඟුනේ එම වෙන්කරන ලද බව
සඳහන් ස්ටිකරය ඔවුන් උවමනාවෙන් සාදා ඇලවූවක් බව පෙනෙන බැවිණි.



4 ක් අදහස්:

විශ්මි said...

වෙනස් වැඩක්.
රණවිරුවන්ට ප්‍රවාහනය නොමිලේ කියල ගහල තිබෙන අවස්ථා දැකල තිබ්බත් වෙනම ආසනයක් වෙන කරල තියනව දැක්කමයි.

Anonymous said...

හොද වැඩක් ඒත් පොලිසියේ මොඩයන්ට මොකට වෙන් කරාද? අන්තිම ජරා යක්කු පොලිසියේ ඉන්නේ

Anonymous said...

ඕක නම් අන්තිම මෝඩ වැඩක්.
පැවිදි අයට වෙන් කරලා තියෙන්නේ ඔවුන්ට මිනිස්සු වැදුම් පිදුම් කරන නිසා. ගැබිණි හා ආබාධිත අයට හිටගෙන යන්න අමාරුයි. ඒ උනාට එහෙම අමාරුවක් තියන කෙනෙක් හමුදාවේ ඉන්න බෑනේ.
අපිට සේවයක් කරනවා කියලා හිතුවොත්. ගුරුවරුන්ට පේලියක්, දොස්තරලට පේලියක්, හෙදියන්ට පේලියක්, ගොවිමහත්වරුන්ට පේලියක් වගේ බස් එකේ ඔක්කොම පේලි වෙන්කරන්න වෙයි.

මියුරංග said...

හැබැයි ආබාදිත රණවිරුවන්ට වගේ උනානම් හොඳයි තමයි.