Saturday, January 2, 2010 | By: මියුරංග

අලුත් අවුරුද්දේ...


2010 අවුරුද්දට තබන පලමු බ්ලොග් සටහන තමයි මේ. දවස් 4ක් විතර පහුවුනත් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාග පැවැත්වෙනව. ඉතින් බ්ලොග් එකක් ලියන්න තියා කියවන්නවත් වෙලවක් නෑ.
ඒ කොහොම උනත් ලැබුනු පොඩි විවෙකයකින් තමයි මේ සටහන තබන්න හිතුනේ.
බ්ලොග් එකක් ලියන්න ගොඩක් කල් ඉඳන් ආසාවක් තිබ්බත් SBU දැකල තමයි මේක පටන් ගත්තේ.
ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නේ මේ 2010 අවුරුද්දේ සිංහල බ්ලොග්කරනයට තවත් අය එක්වේවා හා සිංහල Unicode භාවිතය මෙන්ම සිංහලෙන් තියන වෙබ් පිටු ගණන තවත් වැඩිවේවා යන්නයි...

ඉතින් මේ අවුරුද්ද සියලු දෙනාටම සාර්ථක වසරක් වේවා...!

0 ක් අදහස්: